DIMO සමඟින් Allianz එක්ව ‘MercedesProtect’ හඳුන්වා දෙයි

85

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමාගමක් වන DIMO, සිය Mercedes-Benz පාරිභෝගිකයින් සඳහාම වෙන්වූ මෝටර් රථ රක්ෂණ වැඩසටහනක් වන MercedesProtect පසුගියදා හදුන්වා දෙන ලදී.

Mercedes-Benz සඳහා ගෝලීය රක්ෂණ සහකරු වන Allianz හා එක්වෙමින් පාරිභෝගික පහසුව වෙනුවෙන් මෙම වැඩසටහන හඳුන්වාදී ඇත. MercedesProtect යනු Mercedes- Benz හිමිකරුවන්ට වාසි රැසක් ගෙනදෙන රක්ෂණ පහසුකමක් වන අතර, මේ හරහා මෝටර් රථ රක්ෂණය කිරීමේදී රථ වාහන අයිතිකරුවන්ගේ දායකත්වයෙන් තොරව සිදුවේ. MercedesProtect මගින් හදිසි අනතුරු අලූ‍ත්වැඩියාවන් අයිතිකරුට කිසිඳු වියදමක් ඇති නොවන ආකාරයට සිදුකර ගත හැක. මෙම රක්ෂණ වැඩසටහන අදාළ වන්නේ නිෂ්පාදිත දිනයේ සිට වසර 05 ට අඩු Mercedes-Benz රථවාහන සඳහා පමණි. මෙහිදී සියලූ‍ම Body & Paint අලූ‍ත්වැඩියා කිරීම සහ අනිකුත් සේවාවන් Mercedes-Benz විශිෂ්ටතා මධ්‍යස්ථානය වන DIMO 800 හි පමණක් සිදු කරන අතර, Mercedes-Benz AG විසින් අනුමත කරන ලද ප‍්‍රමිතීන්ට අනුකුලව අලූ‍ත්වැඩියාව සිදුකරයි.

advertistmentadvertistment
advertistmentadvertistment