Doc990 ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට Amazon හි Alexa හරහා ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හඳුන්වාදීමට කටයුතු කරයි

33

පාරිභෝගිකයන්ට නිවසේ සිටම ඉතා පහසුවෙන් අවශ්‍ය සෞඛ්‍ය සේවාවන් ලබාගත හැකි තවත් නවතම ක්‍රමවේදයකට මුලපුරමින්, ඩයලොග් ආසිආටා පීඑල්සී බලගන්වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවා විසඳුම් සම්පාදකයා වන Doc990 විසින් ශ්‍රී ලංකාව තුළ ප්‍රථම වතාවට Amazon Alexa Voice Command Support හරහා පාරිභෝගිකයන්ට ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමේ පහසුකම සලසාදීමට කටයුතු කර ඇත.

මෙම නවතම විශේෂාංගය හඳුන්වාදීමත් සමඟම පාරිභෝගිකයන්ට ඇන්ඩ්‍රොයිඩ්, iOS හෝ Alexa App සහ Alexa ගේ සහාය හිමි උපාංග (Home Devices) ඔස්සේ සරල Voice Commands ලබාදීමෙන් Doc990 වෛද්‍ය චැනලින් සේවාවන් ලබාගත හැක. ඒ අනුව ඕනෑම පාරිභෝගිකයෙකුට Alexa හරහා වෛද්‍යවරයෙකු චැනල් කරගැනීම හෝ වෛද්‍ය හමුවක් සඳහා තමන්ට පහසු වෙලාවක් වෙන්කර ගෙන, ඒ සඳහා ගෙවිය යුතු සම්පූර්ණ ගාස්තුව එසැණින් තම Dialog මොබයිල් පසුගෙවුම් මාසික බිල්පතට add කරගැනීමට හෝ එසේත් නැත්නම් එම ගාස්තුව තම පෙරගෙවුම් සම්බන්ධතාවයේ ශේෂයෙන් අඩුකරගැනීම හෝ නැතිනම් තම ක්‍රෙඩිට්/ ඩෙබිට් කාඩ්, genie හෝ eZ Cash හරහා ගෙවිය හැකිවේ.

මෙම නවතම සේවාව හඳුන්වාදීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඩයලොග් ආසිආටා පීඑල්සී හි සමූහ ප්‍රධාන ඩිජිටල් සේවා නිලධාරිණී රේණුකා ප්‍රනාන්දු මහත්මිය,“පාරිභෝගිකයාගේ වෙනස් වන නූතන ඩිජිටල් ජීවන රටාවට පහසුවක් වන පරිදි තාක්ෂණයේ ප්‍රබලත්වයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි පරිදි ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් වැඩි දියුණු කළ හැකි අලුත්ම ක්‍රමවේද පිළිබඳව Doc990 හි අපි නිතරම සොයා බලනවා. Alexa Voice Commands හරහා Doc990 සේවාවන් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව අපි සතුටු
වෙනවා. මෙම විශේෂාංගය හරහා පාරිභෝගිකයන්ට ඉතාමත්ම පහසුවෙන් ඩිජිටල් සෞඛ්‍ය සේවාන් සලසාගැනීමට හැකියාව ලැබෙනවා වගේම එමගින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඩිජිටල් සේවාවන් බලගන්වන්නා ලෙස අති නවීනතම, ඒකාබද්ධ ඊ- වාණිජමය යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙන් ඩයලොග් සමාගම අඛණ්ඩව දක්වන කැපවීම නැවත නැවතත් සනාථ කරනවා.”

advertistmentadvertistment
advertistmentadvertistment