Doc990 iy MyDoctor සේවා ඒකාබද්ධව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය ශක්තිමත් මාවතක් වෙත යොමු කරයි

55

Doc990 iy MyDoctor සේවා ඒකාබද්ධව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය ශක්තිමත් මාවතක් වෙත යොමු කෙරේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් දෙකක් වන, ඩයලොග් සමාගම විසින් ක‍්‍රියාත්මක කරනු ලබන Doc990 iy MyDoctor සේවාවන් එකම වහළක් යටට ගෙන එන බව මෑතකදී නිවේදනය කරන ලදී. මේ සමඟ, එම වෙළඳපොළ පුරෝගාමී සේවාවන් දෙකම, Doc990 වෙළඳනාමය යටතේ පුළුල් නිෂ්පාදන පෙළක් සමඟ පාරිභෝගිකයන්ට අනභිභවනීය අත්දැකීමක් ගෙන එනු ඇත.

MyDoctor සමඟ ඒකාබද්ධව එන නව Doc990 සේවාව ශ‍්‍රී ලංකාවේ ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයේ විප්ලවීය වෙනසක් කරමින්, මෙරට ප‍්‍රථම සියල් සපිරි ඩිජිටල් සෞඛ්‍ය සේවා සපයන්නා බවට පත්වේ. මෙම සබඳතාව තුළින් ඒකාබද්ධ වන සෞඛ්‍ය සේවා ප‍්‍රවීණතාවයත්, තාක්ෂණික ප‍්‍රවීණතාවයත් සමඟ අති නවීන සත්කාර සේවාවක් Doc990 ඇප් එක සහ වෙබ් අඩවිය හරහා පරිශීලකයින්ට ලබාදීමට නියමිතය. එම සේවාවන් අතරට දිවයින පුරා රෝහල් 140 කට අධික සංඛ්‍යාවකින් වෛද්‍යවරුන් 5,000 කට අධික සංඛ්‍යාවක් චැනල් කිරීම, 1,300 කට අධික ‍සාමාන්‍ය හා විශේෂඥ වෛද්‍යවරුන්ගේ Audio/Video වෛද්‍ය උපදේශන (ක්ෂණික ඇමතුම් අංකය හරහා දින 7ම, පැය 24 පුරාම සෞඛ්‍ය සේවා මෙහෙයුම්, අන්තර්ජාලය හරහා ඖෂධ ඇනවුම් කිරීම හා දිවයින පුරා බෙදා හැරීම, අන්තර්ජාලය හරහා රසායනාගාර පරීක්ෂණ වෙන් කරවා ගැනීම සහ වාර්තා ලබාගැනීම, ජංගම රසායනාගාර සේවාවන්, ඩිජිටල් සෞඛ්‍ය සුරක්ෂිතාගාරයක් :පරිශීලකයෙකුගේ සෞඛ්‍ය වාර්තා ගබඩා කිරීම හා පවත්වාගෙනයාම සඳහා) සහ විශේෂයෙන් සැකසූ සෞඛ්‍ය හා සුවතා දායකත්ව පැකේජ පෙළක් ඇතුළු තවත් සේවාවන් රැසක් එක්ව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment