DPMC වර්ක්ෂොප් මාතර පළමු සංවත්සරයේදීම පාරිභෝගික පැසසුමට

58

නිත්‍ය පාරිභෝගිකයින් සහ සියලු පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් DPMC Workshop Matara පළමු වසර සංවත්සරය සැමරීම පසුගියදා ඉතා චාම් මෙන්ම අභිමානවත් අයුරින් සිදු කෙරුණි.

ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් (ලිමිටඩ්)හි මඩපාත පිහිටි ප්‍රධාන වර්ක්ෂොප් පහසුකමට අමතරව බස්නාහිර පළාතෙන් පිටත ආරම්භ කළ පළමු බජාජ් වාහන සේවා, නඩත්තු සහ අලු‍ත්වැඩියා පහසුකම් ලෙස DPMC Workshop Matara හැදින්විය හැකිය.

ආරම්භ කර වසරක් තුළ පාරිභෝගිකයින් 3,000කට අධික සංඛ්‍යාවකට 5,000කට අධික සේවා සපයා ඇති DPMC Workshop Matara පිළිබදව පාරිභෝගිකයින් විශ්වාසය තබා ඇති බව පළමු සැමරුමට එක්වූ පාරිභෝගිකයින්ගේ අදහස්වලින් සනාථ වේ.

advertistmentadvertistment
advertistmentadvertistment