Dr. ෂිවාගෝ තහනම් කළ කෘෂ්චෙව්

244

කාටූන් කියැවීම

රුසියානු අධිරාජ්‍යය පැවැති සමයේදී රුසියාව සහ යුක්රේනය අතර දේශසීමාව ආසන්නව පිහිටි ගමක් වූ කලිනොව්කා ගමේදී උපත ලැබූ ‘‘නිකිටා සර්පියෙව්ච් කෘෂ්චෙව්’’ (Nikita serge yevich khrushchev) සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්‍ෂයේ පළමු ලේකම් වශයෙන් කටයුතු කළ අතර, සෝවියට් සංගමයේ අග‍්‍රාමාත්‍යවරයා වශයෙන් 1958 මාර්තු 27 දින සිට 1964 ඔක්තෝබර් 14 දින දක්වා කටයුතු කළේය.

නිකිටා කෘෂ්චේව් ගේ පියා සර්පි කෘෂ්චෙව් දුප්පත් ගොවියෙකු විය. මව වූයේ සෙනියා කෘෂ්චේවාය. ඔවුන්ගේ ගම දුප්පත් ගම් වැසියන්ගෙන් ගහන විය. නිකිටා කෘෂ්චෙව්ගේ ගුරුවරියකු වූ ලිඩියා ෂෙව්චෙන්කො පසු කලකදී කියා සිටියේ කලිනොව්කා තරම් දුප්පත් ගමක් තමා කිසිවිටකදීවත් දැක නොමැති බවය.

නිකිටා කෘෂ්චෙව් කුඩා කළ සිටම එෙ`ඞ්රෙකු ලෙස සේවය කළාය. ඔහු වසර හතරක් ගමේ කුඩා පාසලක සහ කලිනොව්කා හී රජයේ පාසලක අධ්‍යාපනය ලැබීය. 1908 දී සර්පි කෘෂ්චෙව් සිය පවුල සමග ඩොනෙට්ස්ක් ලෙස නම් කරන ලද රුසියානු අධිරාජ්‍යයේ වඩාත්ම කාර්මික ප‍්‍රදේශයට සංක‍්‍රමණය විය. එහිදී නිකිතා කෘෂ්චෙව් ලෝහ වැඩ කරන ස්ථානයක පුහුණුවෙන් පසු කර්මාන්ත ශාලාවක වැඩට ගත් නමුත්, ලීනාගෝල්ඞ් ෆීල්ඞ් සංහරයට ගොදුරු වූවන්ගේ පවුල් සඳහා ආධාර මුදල් එකතු කිරීම නිසා ඔහුට රැකියාව අහිමි විය. 1914 පළමු ලෝක යුද්ධය පැවැති සමයේදි කෘෂ්චෙව් ලෝහ වැඩ කරන ස්ථානයක සේවයට ගියේය. 1914 දී නිකිතා කෘෂ්චෙව් රුචෙන්කොවෝ පතලේ සෝපාන ක‍්‍රියාකරුගේ දියණිය වූ යෙෆ්‍රොසීනියා පිසරේවා’’ සමග විවාහ විය. 1915 දී ඔවුනට යුලියා නම් දියණියක් ද 1917 දී ලියොනිඞ් නම් පුතෙකුද ලැබිණ.

1917 දී රුසියානු විප්ලවය ඇති විය. දෙවන සාර් නිකල්ස් අධිරාජ්‍ය ධුරයෙන් ඉවත් විය. රුචෙන්කොවෝහි කම්කරු කවුන්සිලයට කෘෂ්චෙව් තේරී පත්වී පසුව ඔහු එහි සභාපති ධුරයට ද පත්විය. 1919 දී කෘෂ්චෙව් දේශපාලන කොමසාරිස්වරයෙකු ලෙස රතු හමුදාවට සම්බන්ධ වී 1921 දී සිවිල් යුද්ධය අවසන් වූ පසු ඩොන්බාස් ප‍්‍රදේශයේ කම්කරු බළකායේ කොමසාරිස් ලෙස පත්විය. රට තුළ ඇති වූ සිවිල් යුද්ධය නිසා පුළුල් විනාශයක් හා සාගතයක් ද ඇති වූ අතර කුසගින්න හා රෝගයකට ද ගොදුරු වූ කෘෂ්චෙව්ගේ බිරිඳ යෙෆ්‍රොසීනියා මියගියේ ඔහු හමුදාවේ සිටියදී ය.

Dr. ෂිවාගෝ තහනම් කළ කෘෂ්චෙව්

1921 දී ඩොන්බාස් කලාපයේ රුචෙන්කෝවෝ පතලේ දේශපාලන කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂ ලෙස කෘෂ්චෙව් පත් වී ඔහුට යුද සමයේදී අක‍්‍රියව පැවැති පතල යථාතත්ත්වයට ගැනීමට හැකි විය. ඉන් පසු 1922 දී ඔහු අසල පිහිටි පැස්ට‍්‍රකොව් පතලේ අධ්‍යක්‍ෂ ධුරය ද පිරිනැමිණ. 1922 අගෝස්තුවේදී ඔහු ටෙක්නිකම්හි පක්‍ෂ ලේකම් බවට පත්විය. කෘෂ්චෙව් ගේ අධ්‍යයන කටයුතු සඳහා උගත් පක්‍ෂ සංවිධායක වරියක්වන යුක්රේනියානු ගොවියෙකුගේ දියණියක්වන නීනා පෙට්‍රොව්නා කුකර්චුක් ගේ සහාය ඔහුට ලැබී ඇත. ඉන්පසු ජීවිත කාලය පුරාම ඔවුන් දෙදෙනා ස්වාමි පුරුෂයා හා භාර්්‍යායාව ලෙස එකට ජීවත් වූ නමුත් ඔවුන් කිසිවිටෙකත් විවාහය ලියාපදිංචි කර තිබුණේ නැත. ඔවුනට දරුවන් තිදෙනෙකි. දියණිය රාඩා 1929 දී උපත ලැබීය. ප‍්‍රකා සර්පි 1935 දී සහ බාල දියණිය එලේනා 1937 දී උපත ලැබීය.

1928 දී කෘෂ්චෙව් කියෙව් වෙත මාරුකළ අතර එහිදී ඔහු පක්‍ෂ සංවිධානයේ දෙවන සේනාධිනායකයා ලෙස පත්විය. 1932 වනවිට ඔහු මොස්කව් නගර පක්‍ෂ සංවිධානයේ කගනොවිච්ට පිටුපසින් සිටි දෙවන අණදෙන නිලධාරියා ලෙස පත් වූ අතර 1934 දී මොස්කව් නගරයේ පක්‍ෂ නායකයා විය.

1934 සිට සෝවියට් දේශයේ නායකයා වූ ජෝෂප් ස්ටාලින් මහා මර්දනය නමින් දේශපාලන මර්දන ව්‍යාපාරයක් ආරම්භ කළ අතර එම කාලය තුළ මිලියනයකට ආසන්න ජනකායක් ඝාතනයට ලක්විය. තවත් අය සිර කළේය. මොස්කව් නගරයේ සහ පළාතේ පක්‍ෂයේ ඉහළ නිලධාරීන් 38 දෙනාගෙන් 35 දෙනෙකු ඝාතනය කරන ලදී. දිවිගලවාගත් තිදෙනා වෙනත් ප‍්‍රදේශවලට මාරු කරන ලදී.

මොස්කව් නගරයෙන් පිටත නගර හා දිස්ත‍්‍රික්කවල සිටි පක්‍ෂ ලේකම්වරුන් 146 දෙනාගෙන් දිවි ගලවාගත්තේ 10 දෙනෙකු පමණි. කෘෂ්චෙව් ඔහුගේ මතක සටහන්වලදී පසුව සඳහන්කර තිබුණේ…. පක්‍ෂ ප්‍රොටෝකෝලය අනුව (Protocol) රාජ්‍ය ආරක්‍ෂාවලදී අනුගමනය කළ යුතු විධිමත් චර්යා හා සිරිත් විරිත්) තමා මෙම අත්අඩංගුවට ගැනීම් අනුමත කිරීම් කළ අතර මිතුරන් හා සගයන් බේරා ගැනීමට කිසිවක් නොකළේය, යනුවෙනි. 1937 දී කෘෂ්චෙව් කුලාක්වරුන් 41,305ක් අත්අඩංගුවට ගෙන මේ බව ජෝෂප් ස්ටාලින්ට ලියා දැක්වීය. ස්ටාලින්ගේ නියෝග මත ඉන් 8500ක් ඝාතනය කළේය. 1937 අගභාගයේදී ස්ටාලින් කෘෂ්චෙව්ව යුක්රේනයේ කොමියුනිස්ට් පක්‍ෂයේ ප‍්‍රධානියා ලෙස පත් කළේය.

1939 යේදී යුක්රේනයේ 14 වන පක්‍ෂ සම්මේලනයේදී ඔහු පැවසූවේ ‘‘සහෝදරවරුනි අපි ජනතාවගේ සියලූ සතුරන් නිර්ධය ලෙස විනාශ කළ යුතුය. නමුත් අවංක බොල්ෂෙවික් කෙනෙකුට හානියක් වීමට අපි ඉඩ නොදිය යුතුයි. අපහාස කරන්නන්ට එරෙහිව අරගල පැවැත්විය යුතුයි. (Bolshevik – බොල්ෂෙවික් යනු රුසියානු ප‍්‍රජාතන්ත‍්‍ර සමාජවාදී පක්‍ෂයේ පෙරළිකාර කොටස හඳුන්වන නමය)

1939 දී යුක්රේනය සෝවියට් සමාජවාදී ජනරජයේ කොටසක් බවට පත්විය. 1941 ජූනි මාසයේදී, ජර්මනියේ හිට්ලර්ගේ නාසි හමුදාව සෝවියට් දේශය ආක‍්‍රමණය කළේය. ස්ටාලින් කෘෂ්චෙව්ව දේශපාලන කොමසාරිස්වරයකු ලෙසට පත් කළ අතර ඔහු 1942 දී නිරිත දිග පෙරමුණේ සිටි අතර බාර්කොව් ප‍්‍රදේශයේ දැවැන්ත ප‍්‍රති ප‍්‍රහාරයක් එල්ල කිරීමට රතු හමුදා සෙබළුන් 640,000 ක් උපයෝගී කරගත්තේය. ජර්මානුවන් සෝවියට් දේශය තුළට පැමිණ සොල්දාදුවන් 267,000ක් සෝවියට් දේශයට අහිමි කළේය. මේ අතර කෘෂ්චෙව්ව අත්අඩංගුවට ගෙන ඝාතනය කිරීම ගැන ස්ටාලින් ඉගිකළ අතර නැවත ඔහුව ස්ටැලින් ග‍්‍රෑඞ් වෙත යවා නැවත ඔහුට යුද පෙරමුණට යෑමට නියෝග කළේය.

Dr. ෂිවාගෝ තහනම් කළ කෘෂ්චෙව්

1943 මාර්තු 11 වැනි දින ප‍්‍රහාරක ගුවන් නියමුවෙකු වූ කෘෂ්චෙව් ගේ පුත් ලියොනිඞ් වෙඩි තබා ඝාතනයකර ඇත. ඔහුගේ සිරුර හෝ යානය සොයා ගැනීමට නොහැකි විය.

1943 මැද භාගයේදී ලියොනිඞ්ගේ බිරිඳ ලියුබා කෘෂ්චෙව් ඔත්තු බැලීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන වසර පහක් කම්කරු කඳවුරක සිරකර තැබීය. පුත් ටොලියා අනාථ නිවාසයකට භාරදුන් අතර දියණිය යුලියා කෘෂ්චෙව්ගේ බිරිඳ විසින් හදා වඩා ගත්තේය.

1943 නොවැම්බර්යේදී සෝවියට් හමුදාව ජර්මන් හමුදාව පලවා හැරියේය. ඉන් පසු නිකිටා කෘෂ්චෙව් යුක්රේනය ප‍්‍රතිසංස්කරණය කිරීමට සම්බන්ධ විය. ඔහුව යුක්රේනයේ අග‍්‍රාමාත්‍යවරයා බවට පත් කළේය. ඔහු සිය උපන්ගමවූ කලිනොව්කා වෙත ගොස් සාගින්නෙන් පෙළෙන ජනතාවට උදව් කළේය. එහිදී කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස සාමූහික ගොවිපළයන්හි වැඩ නොකරන පදිංචිකරුවන් නෙරපා හැරීමට බලය ලබා ගත්තේය. 12,000 කට ආසන්න පිරිසක් සෝවියට් සංගමයේ නැෙඟනහිර ප‍්‍රදේශයට යැව්වේය. මෙය ලාභදායී ක‍්‍රමයක් බවට ස්ටාලින් නිර්දේශ කළේය. 1944 සිට 1952 දක්වා කාලය තුළ බටහිර යුක්රේනියානුවන් 60,000ක් අත්අඩංගුවටගත් අතර ඉන් තුනෙන් එකක් ඝාතනයකර ඉතිරි අය සිරගත කිරීම හෝ නැෙඟනහිරට පිටුවහල් කිරීම කළේය. 1946 දී යුක්රේනයේ සහ බටහිර රුසියාවේ දැඩි නියඟයක් ඇති විය. ස්ටාලින් යුක්රේනයට සීමිත ආහාර හා කුස්සිවලට උපකරණ නොමිලේ සැකසීමට මුදල් ලබා දුන්නේය. 1947 පෙබරවාරියේදී ස්ටාලින් යෝජනාකර, කෘෂ්චෙව්ට උදව් කිරීමට ලාසාර් කගනෙව්ච් යුක්රේනයට යැව්වේය. 1947 සහ 1948 යන වර්ෂවලදී යුක්රේනයේ බලාපොරොත්තු වූවාට වඩා හොඳ අස්වැන්නක් ලැබිණ. 1949 දී නැවත මොස්කව් පැමිණි කෘෂ්චෙව් මොස්කව් නගරයේ සහ පළාතේ පක්‍ෂයේ ප‍්‍රධානියා ලෙස සේවය කළේය. 1950 දී කෘෂ්චෙව් මොස්කව් සඳහා මහා පරිමාණ නිවාස වැඩසටහනක් ආරම්භ කළේය. ඒවා අද ද හොඳ තත්ත්වයෙන් පවතී.

1953 මාර්තු 5 වන දින ජෝෂප් ස්ටාලින් මිය ගියේය. තම මතක සටහන්වලින් පසුව කෘෂ්චෙව් ලියා තිබුණේ ස්ටාලින් තමාට එකඟනොවූ සියලූම ජනතාව සතුරන් ලෙස සලකා අවංක පුද්ගලයින් පවා ඝාතනය කළ බවය.

1953 සැප්තැම්බර් මාසයේදී කෘෂ්චෙව්ව මධ්‍යම කාරක සභාවේ පළමු ලේකම් ලෙස තෝරා ගත්තේය. බලය භාර ගැනීමෙන් පසු කෘෂ්චෙව් කලාව තුළට සුළු නිදහසක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ඔහු 1956 දී ප‍්‍රකාශයට පත් වූ බොරිස් පැස්ටර්නැක් ගේ දොස්තර ෂිවාගෝ (Doctor Zhivago) නවකතාව විදේශයක ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුව එය සෝවියට් සංගමයේ ප‍්‍රකාශයට පත් කිරීම තහනම් කළේය. එම නවකතාව පහත් මට්ටමේ

ප‍්‍රතිගාමී එකක් ලෙස ‘‘ප‍්‍රව්ඩා පුවත්පත’’ පවා විස්තර කළේය. කතුවරයාව ලේඛක සංගමයෙන් පවා නෙරපා දැමීය. සාහිත්‍යය සඳහා නොබෙල් ත්‍යාගය පැස්ටර්නැක්ට පිරිනැමූ අතර දැඩි පීඩනය නිසා ඔහු එය ප‍්‍රතික්‍ෂේප කළ පසු කෘෂ්චෙව් පැස්ටර්නැක්ට එරෙහි ප‍්‍රහාර නතර කරන ලෙසට නියෝග කළේය. පසුව කෘෂ්චෙව් තම මතක සටහන්වල ලියා තිබුණේ තමා එම සිද්ධියට බෙහෙවින් කනගාටුවන බවය. නවකතාවේ පිටපතක් ලබාගෙන ඔහු කියවීය. ඔහු මීට පෙර කියවා ඇත්තේ එහි උපුටා ගැනීම් පමණි. අපි එය තහනම් නොකළ යුතුව තිබුණා. එහි සෝවියට් විරෝධී කිසික් නැත. යනුවෙන් ඔහු පසුව ප‍්‍රකාශ කළේය.

ස්ටාලින් සෝවියට් ජනතාවට වෙනත් රටක සංචාරයට ඉඩ නුදුන්නේය. කෘෂ්චෙව් බලයට පත් වූ පසු 1957 දී සෝවියට් පුරවැසියන් 700,000කට අධික සංඛ්‍යාවක් විදෙස් ගතවිය. විදේශයන්ටද සෝවියට් දේශය නැරඹීමට අවසර ලබා දුන්නේය. 1957 දී කෘෂ්චෙව් විසින් 6 වන ලෝක යෞවන හා ශිෂ්‍ය උළෙල එම ගිම්හානයේදී මොස්කව් හි පැවැත්වීමට අවසර දුන්නේය. කෘෂ්චෙව් 1940 සිටම සෝවියට් සංගමය තුළ බඩඉරි`ගු වගාකිරීම වෙනුවෙන් පෙනී සිටියේය. බලයට පත් වූ පසු ඔහු අක්කර දහස් ගණනක බඩඉරි`ගු සිටුවීමට නියම කළේය. 1963 දී විශාල නියඟයකට සෝවියට් සංගමය මුහුණ දුන්නේය. බටහිරින් ආහාර මිලදී ගැනීමට ඔහු අකමැති වූ නමුත් පැතිරෙන කුසගින්නට විකල්පයක් ලෙස රටේ රන් සංචිතයෙන් කොටසක් වැය කළේය.

කෘෂ්චෙව් ඇකඩමගොරොඩොක් වැනි අධ්‍යයන නගර කිහිපයක් රට තුළ ආරම්භ කළේය. තරුණ විද්‍යාඥයින්ගේ සහාය ඔහු ලබාගත්තේය. සෝවියට් දේශයේ උසස් පාසල් ප‍්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කළේය. ගණිතය, විද්‍යාව, කලාව හා සංගීතය, ක‍්‍රීඩාව යන අංශවල විශේෂිත පාසල් 100කට අධික සංඛ්‍යාවක් ස්ථාපිත කළේය. කෘෂ්චෙව් සාම්ප‍්‍රදායික ආයුධ අයින්කර මිසයිල් මතින් සෝවියට් සංගමය ආරක්‍ෂා කළේය. සෝවියට් අභ්‍යවකාශ වැඩවලට ඔහු දැඩි ලෙස සහාය දුන්නේය. සෝවියට්වරු ස්පුට්නික් 1 කක්ෂගත කළවිට බොහෝ බටහිර රටවල් එය ප්‍රෝඩාවක් බවට ප‍්‍රකාශ කළේය. පසුව ඔවුන් එය සත්‍ය බව පිළිගත්තේය. යුගෝස්ලෝවියාව සමඟ සබඳකම් දියුණු කළේය. චීනය සමඟ මිත‍්‍ර වී චීනයට දෙන ආධාර වැඩි කළේය. සාර් පාලනය යටතේ අල්ලාගත් චීනයේ ප‍්‍රදේශ නැවත භාර දුන්නේය.

1964 මාර්තු මාසයේදී උත්තරීතර සෝවියට් ජනපති මණ්ඩලයේ සභාපති සහ නාමික රාජ්‍ය නායක ලියොනිඞ් බ්‍රෙෂ්නෙව් කෘෂ්චෙව්ව ඉවත් කිරීමට සිය සගයන් සමඟ සාකච්ඡුා කිරීමට පටන් ගත්තේය. කෘෂ්චෙව් ස්කැන්ඩිනේවියාවේ සංචාරයකට ගොස් එනවිට අත්අඩංගුවට ගැනීමට ද සලකා බැලූවේය. ඒ වෙනුවට කෘෂ්චෙව් නෙරපා හැරීමට සහාය දැක්වීමට මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන්ට ඒත්තු ගැන්වීය. 1964 ජනවාරි සිට මාස පහක් කෘෂ්චෙව් මොස්කව් නුවරට පැමිණියේ නැත. බ්‍රෙෂ්නෙව් ඔක්තෝබර් 12 වැනි දින කෘෂ්චෙව්ට කතා කළේය. කෘෂ්චෙව් මොස්කව්වලට පැමිණියේය. ඔහු එනතුරු ගුවන් තොටුපළේ කේ. ජී. බී. ප‍්‍රධානී සෙමිචාස්ටිනි බලාසිටියේ ආරක්‍ෂක භටයින් සමගිනි. සෙමිචාස්ටිනි කෘෂ්චෙව් නෙරපාහැරීමේ තීන්දුව දැනුම් දී ඔහුට විරුද්ධ නොවන්නැයි පැවසීය. පසුව කෘෂ්චෙව් ක්‍රෙම්ලීනයට ගෙන ගිය අතර එහිදී බ්‍රෙෂ්නෙව්, සුස්ලොව සහ ෂෙලපින් විසින් කෘෂ්චෙව්ට වාචිකව පහර දුන්නේය. සටනක්් සඳහා ඔහු ඉදිරිපත් නොවූ අතර සුළු ප‍්‍රතිරෝධයක් දැක්වීය. කුමන්ත‍්‍රණයක පෙනුම ඇති නොකිරීමට සෙමිචාස්ටිනි සැලකිලිමත් විය. ඔහු පෙරසිට ම කෘස්චෙව්ගේ මිතුරෙකු හා සගයෙකු විය. එදින රාත‍්‍රියේ නෙරපා හැරීමෙන් පසු කෘෂ්චෙව් තම මිතුරු ඇන්ස්ටාස් මිකොයාන් අමතා කීවේ මම වයසයි මහන්සියි ඔවුන්ට තනිවම මුහුණ දීමට ඉඩ දෙන්න. මම ප‍්‍රධාන දේ කළා. දැන් සියල්ල වෙනස්. බිය පහව ගොස් ඇති අතර අපට සමානව කතා කළ හැක. මම රණ්ඩු වෙන්නේ නැහැ.

 කෘෂ්චෙව්ට මසකට රූබල් 500ක විශ‍්‍රාම වැටුපක් ලබාදුන් අතර ඔහුගේ නිවසේ ජීවිත කාලය පුරාම සිටීමට ඉඩ ලබාදුන්නේය. බලයෙන් ඉවත් වීමෙන් සුව ඔහු දැඩි මානසික අවපීඩනයකට පත්විය. ඔහුට අමුත්තන් සීමිත පිරිසක් බැලීමට අවස්ථාව ලබා දුන්නේය. ආරක්‍ෂක භටයන් අමුත්තන් පිළිබඳව සොයා බලා ඔවුන්ගේ පැමිණීම වාර්තා කළේය. මානසික අවපීඩනය නිසා වෛද්‍යවරු ඔහුට නිදිපෙති පවා නියම කළේය. මහා දේශපේ‍්‍රමී යුද්ධය පැවැති වෙළුම් තිහක මහා සෝවියට් විශ්වකෝෂයේ ඔහුගේ නම ප‍්‍රමුඛ දේශපාලන කොමියුනිස්ට්වරුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කරන තරමට ම ඔහු පුද්ගලයෙකු නොවන බවට ද පත් කළේය. ඔහුගේ මතක සටහන් කේ. පී. බී. වෙතට භාරදුන්නේය. එහෙත් ඒවායේ සමහර කොටස් බටහිර ප‍්‍රකාශකයෙකුට ද ලබාදී තිබුණි.

කෘෂ්චෙව් 1971 සැප්තැම්බර් 11 වැනි දින හෘදයාබාධවකින් මිය ගියේය. උද්ඝෝෂණවලට බියෙන් නිලධාරීන් කෘෂ්චෙව් ගේ මරණය සහ අවමංගල උළෙල පවත්වන වේලාව නිවේදනය නොකළ අතර එය පැවැත්වෙන ස්ථානය හමුදාව විසින් වටකොට තිබිණ. එහෙත් කලාකරුවන්, ලේඛකයක් මැදිහත්වීම නිසා සොහොන්පිටියට පවුල් පිටින් එකතු විය. ප‍්‍රව්ඩා පුවත්පත හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ මරණය ගැන විස්තර කෙටියෙන් පළකර තිබූ අතර බටහිර පුවත්පත්වල ඒ ගැන විශාල ආවරණයක් ලබා දුන්නේය. නිව්යෝර්ක් ටයිම්ස් මොස්කව්හි ප‍්‍රවීණ වාර්තාකරු හැරී ෂ්වාටස් කෘෂ්චෙව් ගැන මෙසේ ලිවීය. කෘෂ්චෙව් මහතා සුරතල් ව්‍යුහයක ජනෙල් දොරවල් විවෘත්ත කළේය. ඔහු නැවුම් වාතය සහ නැවුම් අදහස් රටට ලබා දුන්නේය.

1 කාටුන් ශිල්පී ෆ‍්‍රිට්ස් බෙරෙන්ඞ් (Fritz Behrendt) විසින් 1962 දී නිර්මාණය කරන ලද කාටුනයෙන් නැෙඟනහිර හරහා බටහිර අතර සංවාදයක් ඇති කිරීම සඳහා සෝවියට් අගමැති නිකිටා කෘෂ්චෙව් කරනා උත්සාහය දෙස උපහාසාත්මක ලෙස පෙන්වාදී ඇත. මෙහි කාටුනය යටින් කෘෂ්චෙව් සාකච්ඡා සඳහා දොර සෑමවිටම විවෘතව පවතී යනුවෙන් ජර්මන් භාෂාවෙන් සඳහන්කර ඇත. කාටුනයේ දැක්වෙන පරිදි කෘෂ්චෙව් දොර හැර බටහිරට, රුසියාව සමඟ සාකච්ඡා සහ හොඳ හිත දිනා ගැනීමට පැමිණෙන ලෙස ආරාධනා කරයි. එහෙත් දොර ඇරියත් ගඩොල් බිත්තියක් බැඳ ඇති නිසා කිසිවෙකුටවත් ඇතුළට යෑමට නොහැක. ගඩොල් බිත්තිය මතින් කාටුන් ශිල්පියා පෙන්වාදී ඇත්තේ එකල සෝවියට් දේශයේ (රුසියාවේ) තිබූ දැඩි පාලන තත්ත්වයයි. එය කිසිසේත්ම වෙනස් කිරීමට කෘෂ්චෙව්ට නොහැකි වූ බව කාටුන් ශිල්පියා මින් පෙන්වා දී ඇත.

2 ජෝන් කොලින්ස් (John Collins) ගේ කාටුනයේ ලෝක බෝලය සහ එය සපාකන නිකිටා කෘෂ්චෙව්ව පෙන්වාදී ඇත. ලෝකය මුදුනේ නිදහස් ලොව සමගිය (Free World Unity) යනුවෙන් පුවරුවක් සවිකර ඇත. කෘෂ්චෙව් සපාකන කොටස ජර්මනියේ බර්ලින් (Berlin) යනුවෙන් සඳහන් කර ඇත. දෙවන ලෝක මහා යුද්ධයෙන් පසුව ජර්මනියේ බර්ලින් නගරයේ කොටසක් රුසියානු කොමියුනිස්ට් සමාජවාදය විසින් පාලනය කරගෙන යෑම කාටුන් ශිල්පියා මින් පෙන්වා දී ඇත. එමගින් නිදහස් ලෝකයේ සමගිය දෙදරා යෑමට ද ඉඩ ඇති බව එකල මේ කාටුන් ශිල්පියාට පෙනෙන්නට ඇත. මෙම කාටුනය 1959 දී නිර්මාණය කරන ලද්දකි.

3. 1950 වර්ෂයේදී Los Angeles Times පුවත්පතට බෲස් රසල් (Bruse Russal) විසින් අඳින ලද මේ කාටුනය නම්කර තිබුණේ ‘‘පොත්ත සපා කෑමට සමානයි’’ (The Barks the Same as the Bite) යනුවෙනි. කාටුනයේ නිකිටා කෘෂ්චෙව් තම කට විශාලෙට ඇර සාමය (Peace) යනුවෙන් හඬ ගා කියයි. ඔහුගේ උඩු සහ යටි ඇන්දේ ලෝක පාලනය (World Rule) යනුවෙන් ඇති දත්දෙක සෝවියට් දේශයේ ලාංඡනයවන දෑකැත්ත මිටිය ලෙස පෙන්වාදී ඇත. සෝවියට් දේශය ලෝකයට කරන බලපෑම කාටුන් ශිල්පියා මින් පෙන්වා දෙයි.

2021 – නොවැම්බර් 10 වැනි දින මෙම පිටුවේ පළවූ ‘‘තුවක්කු ප‍්‍රචණ්ඩත්වයට එරෙහිව ඵගීගෘ ලිපියේ 2018 පෙබරවාරි 18 වැනි දින මෙම උසස් පාසලේ වෙඩි තැබීමක් සිදු විය. යන්න 2018 පෙබරවාරි 14 යනුවෙන් නිවැරදි විය යුතු බව සලකන්න.

රුවන් තරස්වින්
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment