ටයර් ලොවේ පෙරළිකාර ප්‍රමුඛයා වන DSI Tyres සමාගම නව්‍යතා රැසක් සහිත dsityreshops.com වෙබ් අඩවිය ඔස්සේ Online Pick Up From Dealer ක්‍රමවේදය පාරිභෝගිකයන්ට හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබූ මෙම Online Pick Up From Dealer ක්‍රමවේදය මගින් පාරිභෝගිකයන්ට ඉතා ඉක්මනින් නිවසේ සිටම ටයරය ඇණැවුම් කර තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය පහසුවෙන් සවි කර ගැනීමේ අවස්ථාව උදා වෙයි.dsityreshops.com වෙබ් අඩවියට ගොස් තමන්ට අවශ්‍ය ටයරය Select කිරීමෙන් පසුව වෙබ් අඩවිය ඔස්සේ ගෙවීම් සිදු කර කුරියර් සේවාව මාර්ගයෙන් නිවසටම ගෙන්වා ගැනීමට හෝ Online Pick Up From Dealer ක්‍රමවේදය තෝරා ගෙන තමන්ට ළඟම ටයර් වෙළෙඳසැලෙන් ටයරය ගෙන සවි කර ගැනීමට හැකිය. අතේ මුදල් නැති වුණත් Buy Now Pay Later පහසුකම ඔස්සේ වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ටයර් මිලදී ගැනීමට හැකි වීමද සුවිශේෂත්වයකි. කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින ඇරැඹු Online Pick Up From Dealer ක්‍රමවේදයට ලැබෙන ඉහළ පාරිභෝගික ප්‍රතිචාර හේතුවෙන් එය දිවයින පුරා ඉතා ඉක්මනින් ව්‍යාප්ත කිරීමට DSI Tyres අපේක්ෂා කරයි.


advertistmentadvertistment