DSL Energy සූර්ය බලශක්ති විසඳුම් ලබා දීම වෙනුවෙන් ඉන්දීය බැටරි නිෂ්පාදන දැවැන්තයකු වන OKAYA Power සමඟ එක් වෙයි

59

Douglas & Sons (පුද්) සමාගමේ සාමාජික ආයතනයක් වන DSL Energy, කෙමෙන් ඉහළ යමින් පවතින වඩා ක්‍රියාකාරී හා තිරසාර බලශක්ති අවශ්‍යතාවන් සපුරාලීම සඳහා වන සිය අඛණ්ඩ සංවර්ධන දර්ශනයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීමට පසුගියදා සමත් විය. ඒ ලොව පුරා ඉහළම තත්වයෙන් යුත් බැටරි නිෂ්පාදනයන්හි විශිෂ්ට සන්නාමයක් වන ඉන්දියාවේ Okaya Power සමූහය සමඟ හවුල්කාරීත්වයකට එක් වූ බව නිවේදනය කරමිනි.

මෙම හවුල්කාරීත්වය තුළින් Okaya Power සමූහයේ පිළිගත් නිෂ්පාදන පෙළ හරහා ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට ජාලයෙන් පිටත (off-grid) සූර්ය බලශක්ති විසඳුම් ලබා දීම DSL Energy සමාගමේ අරමුණ වී ඇත. Okaya Power හි බැටරි, පැනල් හා ඉන්වර්ටර් නිෂ්පාදනයන් මෙම නිෂ්පාදන පෙළට ඇතුළත් වන අතර හවුල්කාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලාංකේය වෙළෙඳපොල තුළ බැටරි සඳහා වසර 3කද, ඉන්වර්ටර් සඳහා වසර 2කද, පැනල් සඳහා වසර 25කද, වශයෙන් වගකීම් පහසුකම භූක්ති විඳීමට අවස්ථාව උදා වීම සුවිසල් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.

DSL Energy හි රටපුරා විහිදුණු 400කට අධික අලෙවි නියෝජිත ජාලයක් හරහා බෙදා හරනු ලබන මෙම නිෂ්පාදන සඳහා වාරික ගෙවීමේ සැලසුම්, දේශීය සේවා මධ්‍යස්ථාන හරහා අලෙවියෙන් පසු විශිෂ්ට සේවය මෙන්ම පාරිභෝගික අවශ්‍යතාවන්ට අනුව විවිධ බලශක්ති ධාරිතාවන්ට ගැලපෙන නිෂ්පාදන ලබා ගැනීමේ හැකියාව ශ්‍රී ලාංකේය පාරිභෝගිකයාට හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment