eChannelling වෙතින් දුරස්ථව, පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට ඔැකැ-ක්‍ය්බබැකකසබට සේවාව හදුන්වාදෙයි

49

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හි විශාලතම විද්‍යුත් චැනලින් සේවාව වන eChannelling සේවාව මේ වනවිට ‘Tele-Channelling’’ නමින් නවතම සේවාවක් හඳුන්වාදී තිබේ. මෙය පාරිභෝගිකයන්ට තම නිවසේ සිටම වීඩියෝ තාක්ෂණය ඔස්සේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමට අවස්ථාව සලසා දෙන සේවාවකි. මෙමගින් දේශීය පාරිභෝගිකයන්ට මෙන්ම විදේශීය  පාරිභෝගිකයන්ටද ඉතාමත් පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගත හැකි වේ.

 ඉහළම ප්‍රමිතියෙන් යුත් ඩිජිටල් සෞඛ්‍ය සේවාවන් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය තවදුරටත් ශක්තිමත් කිරීමට eChannelling සෑම විටම උත්සාහ දරයි. එහි තවත් පියවරක් වශයෙන්, නවීනතම තාක්ෂණය භාවිතා කරමින් රෝගීන්ට දුරස්ථව හා පහසුවෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ හැකියාව ලබාදීම සඳහා මෙම නව සේවාව හඳුන්වා දෙන ලදි. තවද, මෙය වාර්තමානය තත්ත්වය අවබෝධ කරගනිමින් eChannelling විසින් ගන්න ලද වඩාත් කලෝචිත ක්‍රියාමාර්ගයක් ලෙස හැදින්විය හැකි.

advertistmentadvertistment
advertistmentadvertistment