Elephant House Ice Cream දියත් කරන ශ්‍රී ලංකාවේ අනාගත හැකියාවන් සොයා යන Super Heroesz Dialog සවිබලයෙන් ඉදිරියට

81

ශ්‍රී ලාංකිකයින්ගේ වඩාත් ආදරණීය සහ විශ්වසනීය අයිස් ක්රීම් සන්නාමය වන එලිෆන්ට් හවුස් අයිස් ක්‍රීම්,ලංකාවේ අනාගත පරපුරේ දක්ෂතාවයන් සොයා යන මෙහෙවරට නැවතත් මුලපුරා ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අයිස් ක්‍රීම් සන්නාමය සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී සමඟ එක්ව, කුඩා දරුවන්ට එකිනෙකා සමඟ සහ සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ක්‍රියාකාරම්වල නිරතවීම සහ ඔවුන්ගේ අනාගත දියුණුව සැලසෙන වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.

Dialog සවිබලය හිමි Elephant House Super Heroes තරගාවලියි ‘Super Talent’‘Super Innovator’ ‘Super Responsible’ යන කාණ්ඩ 3ක් යටතේ දීප ව්‍යාප්තව ක්‍රීයාත්මක වෙමින්, තිරසාර දිවිපැවැත්මක් උදෙසා නව්‍ය කුසලතා, දක්ෂතාවයන් සහ උත්සාහයන් හඳුනාගැනීම අරමුණු කරයි. මාස 4ක් තුළ කාණ්ඩ 3ක් යටතේ ජයග්‍රාකයින් තුන්දෙනෙකු තෝරාගනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment