‘English is Simple’ ව්‍යාපෘතිය තුළින් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීමට NSB දායකත්වය

190

තිරසර සංවර්ධනය අරුත් ගන්වන්නේ, වත්මන් පරපුරේ අවශ්‍යතා සපුරා ගනිමින් ඉදිරි පරම්පරාවේ අවශ්‍යතා මෙන්ම දියුණුව සපුරා ගත හැකිවන පරිදි සම්පත් භාවිත කිරීම නිසයි. 2015 වසරේදී ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් 192ක් සමග ‘තිරසර සංවර්ධනය’ සහ ඊට අදාළ ඉලක්කයන් 17ක් 2030 වසර වනවිට සපුරා ගැනීමට සඳහා වූ ප්‍රඥප්තියට තම සහාය ලබාදී ඇත. ශ්‍රී ලංකාව සිය ආර්ථික, සමාජීය සහ පාරිසරික පරාමිතීන් එකට කැටිකර ගනිමින් තිරසර සංවර්ධනය වෙත ගමන් කිරීමට අවශ්‍ය මාර්ගය නිර්මාණය කිරීම මෙම වැඩසටහනෙහි මුඛ්‍ය පරමාර්ථයයි.

2016 වසරේ ජනවාරි මාසයේදී අප රට විසින් තිරසර ඉලක්ක ජයගැනීම උදෙසා වන මෙම වැඩසටහන ක්‍රියාවට නැංවූ අතර ඊට නායකත්වය දීමට හා 2030 වසර වනවිට එකී අරමුණු ජය ගැනීමට එක්සත් ජාතීන්නේ සංවර්ධන වැඩසටහන සිය සහයෝගය ලබාදීමට සැලසුම් සකස් කර ඇත. මෙම තිරසර සංවර්ධන ඉලක්කයන් හෙවත් ගෝලීය අරමුණු මුළුමහත් ලෝකයටම ලබා දෙන පණිවිඩය නම් දිළිඳුකම තුරන් කිරීමටත්, අප ලෝකය රැක ගැනීමට සහ සියලු මනුෂ්‍ය ප්‍රජාවන්ට සාමය සහ සමෘද්ධිය තහවුරු කිරීමට අදම ක්‍රියාත්මකවන නිසයි.

එකී මහා දැවැන්ත අරමුණ වෙනුවෙන් 2019 වසරේදී අප බැංකුව මෙම ඉලක්කයන්හි සිව්වැන්න වන ‘තත්වයෙන් උසස් අධ්‍යාපනයක්‘ (Quality Education) යන තේමාව වෙනුවෙන් ‘ඉංග්‍රීසි සරලයි’ (English is Simple) යනුවෙන් ද්විතික ඉංග්‍රීසි අධ්‍යාපනයේ ගුණාත්මය ඉහළ නැංවීම උදෙසා මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉංග්‍රීසි හා විදේශීය භාෂා ශාඛාවේ මූලිකත්වනනේ දියත් කෙරිණි. අධ්‍යාපන අමාත්‍යාංශ්‍ය විසින් නිර්දේශ කරන ලද අ.පො.ස. සාමාන්‍යය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සමත් නම් ප්‍රතිශතය 50%ට අඩු ජාතික පාසල් 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන් මෙම වැඩසටහනෙහි ඍජු ප්‍රතිලාභීන් වේ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකට එක්ව දියත් කරනිEnglish is Simple’ ව්‍යාපෘතිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ආයතනික ජීව ගුණය විදහා දක්වන පිළිබිඹුවක් මෙන්ම ජාතික අවශ්‍යතාවක් ලෙසද හැඳින්විය හැකිය. සමාජයේ ඇතැම් දෙනා ඉංග්‍රීසි භාෂාවට දක්වන චකිතය හා බිය තුරන් කර ලෝකය සමග එක්ව අන්තර්ජාතික පුරවැසියකුවීමට අවශ්‍ය මගපෙන්වීම ලබා දීමට මෙම ඉංග්‍රීසි සරලයි. වැඩසටහන නිර්මාණය කර තිබේ.

අපගේ අනාගත පරපුරේ සුභසිද්ධිය නංවනු වස් ක්‍රියාවට නංනවන මේ වැඩසටහන අප රටේ දරුවන් වෙත ගෙනයෑමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමුඛ ගුරු දෙගුරුනට පැවරෙන අතර එහිදී ඒ වෙනුවෙන් පෙනී සිටීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව සූදානම්. English is Simple වැඩසටහන ජනගත කිරීම 2022 සැප්තතැම්බර් 7 වැනිදා අධ්‍යාපන අමාත්‍යාංශයේදී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, එම අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනී කේශිලා ජයවර්ධන මහත්මිය, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී හා ප්‍රධාන විධායක නිලධාරී අජිත් පීරිස් මහතා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී Classification | Strictly Confidential-Internal අලෙවි සහ අයකර ගැනීම් ලාල් කරුණාතිලක මහතා ඇතුළු ගුරු විදුහල්පති මෙන්ම අනනකුත් සම්භාවනීය අමුත්තන් අතින් සිදු විය.

advertistmentadvertistment
advertistmentadvertistment