EPF-ETF අරමුදලට විදින අධිභාර බද්දට දසතින් විරෝධය

302

* කැබිනෙට්ටුවේදීත් අද ඇවිළෙයි

* ඇමැති පිරිසක් එළිපිටම විරෝධයක

සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඇතුළු විශ‍්‍රාම අරමුදල්වල බදු අය කළ හැකි ආදායම මත සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට එරෙහිව මතුව ඇති විරෝධය සම්බන්ධයෙන් අද (14දා) කැබිනට් මණ්ඩලයේදී දැඩි අවධානය යොමු කෙරෙනු ඇතැයි වාර්තාවේ.

රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම මේ යෝජනාවට එරෙහිව අද දින අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වනු ඇතැයිද පැවසේ. මේ අතුරින් කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ යෝජනාවට දැනටමත් විවෘතව සිය විරෝධය දක්වා ඇති අතර තවත් ඇමැතිවරු කිහිප දෙනෙක්ද මේ යෝජනාවට එකඟත්වයක් නොමැති බව රජයේ ඉහළ පෙළේ ආරංචිමාර්ගවලින් දැක්වේ.

මේ අධිභාර බද්ද අය කළහොත් 2020/21 වර්ෂයේදී මෙම අරමුදල්වල සාමාජිකයන් අතර බෙදීයන ලාභය සියයට 25 කින් අඩුවීමට නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment