Euromoney සඟරාව විසින් වෙළෙඳ මුල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳපල ප්‍රමුඛයා සහ හොඳම සේවා සපයන්නා ලෙස HNB ඇගයීමට ලක් කරයි

60

ජාත්‍යන්තර වෙළෙඳ සේවා ක්ෂේත‍්‍රයේ සිය වෙළෙඳපොළ නායකත්වය අඛණ්ඩව විදහා දක්වමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ලෝකයේ පිළිගත් ව්‍යාපාරික සහ මූල්‍ය සඟරාවන් වන යුරෝමනී (Euromoney) සඟරාව විසින් 2023 වසරේ ශ්‍රී ලංකාවේ වෙළෙඳ මූල්‍ය (Trade Finance) ක්ෂේත්‍රයේ හොඳම සේවා සපයන්නා සහ වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රයේ වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස ඇගයීමට ලක් කර ඇත.

වෙළෙඳ මූල්‍ය ක්ෂේත්‍රය සඳහා Euromoney සඟරාව විසින් HNB ඇගයීමට ලක් කළ සිව්වන අවස්ථාව මෙය වන අතර, ශ්‍රී ලාංකේය බැංකුවක් විසින් ජාත්‍යන්තර වෙළෙඳ සේවාවන්හි සිය ආධිපත්‍ය පැතිර වූ තවත් වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ අපේ රට පෙර නොවූ විරූ අභියෝගාත්මක ආර්ථික වාතාවරණයකට මුහුණ දී සිටින අවස්ථාවක, Euromoney වෙතින් ලැබූ මෙම ඇගයීම් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල ක්ෂේත්‍රය පරිවර්තනීය වෙනසකට ලක් කරන අපගේ ජාත්‍යන්තර වෙළඳ සේවා කණ්ඩායම්වල මෙහෙවර තවදුරටත් සහතික කිරීමට ඉවහල් වනවා යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment