EVOKE විසින් මෙරට ප‍්‍රථම වරට SLT-MOBITEL ගෘහස්ථ දුරකථන සඳහා Caller Tune’ සේවාව හඳුන්වා දෙයි

91

මූලික වශයෙන් දුරකතන සේවා සමාගම්වලට අගය එකතු කළ සේවාවන් (VALUE ADDED SERVICES) සපයන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විනෝදාස්වාද සේවා සන්නාමයක් වන EVOKE INTERNATIONAL සමාගම විසින් පසුගියදා ශ‍්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL හා එක්ව SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) පාරිභෝගිකයන් සඳහා ‘Caller Tune’ සේවාව හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

මෙම සහයෝගීතාවය හරහා පුළුල් පරාසයක විහිදුනු ගීත සහ සංගීත නාද රටා අතරින් SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) සම්බන්ධතා සඳහා පාරිභෝගිකයින්ට ඔවුන්ගේ සිතැඟි ගීත CALLER TUNE ලෙස යොදාගැනීමට අවස්ථාව දැන් හිමිවේ. මේ සඳහා එක් වරක් ලියාපදිංචි ගාස්තු ලෙස රුපියල් 40+බදු හා මාසික සේවා ගාස්තු ලෙස රුපියල් 30+බදු අය වේ.

මෙම සේවාව සියලූ‍ම SLTMobitel Home (ගෘහස්ථ දුරකථන) සම්බන්ධතා සඳහා හිමිවන අතර, 1259 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් සිංහල, දමිළ හෝ ඉංග‍්‍රීසි භාෂාවෙන් ලබාදෙන ස්වයංක‍්‍රීය උපදෙස් පිළිපදිමින් පහසුවෙන් සක‍්‍රීය කරගත හැකිය. මෙම සේවාවේ තවත් විශේෂාංගයක් වනුයේ JUKEBOX අංගයයි . මේ හරහා මසකට රුපියල් 90+බදු අගයකට, ලැබෙන ඇමතුම් සඳහා ගීත හතරක් දක්වා ‘SHUFFLE’ ආකාරයෙන් වාදනය වේ.

advertistmentadvertistment
advertistmentadvertistment