FaShion Power – අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්නේ කොහොමද?

118

● බ්‍රෑන්ඩඩ් ඇඳුම් කියන්නේ මොනවද?

ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති ගුණාත්මක බවෙන් වැඩි මිලෙන්ද ඉතා ඉහළ ඇඳුම් සන්නාම වේ.

● බ්‍රෑන්ඩඩ් ඇඳුම් මිල අධික ඇයි ?

සාමාන්‍ය ඇඳුම් වලට වඩා මෙම ඇඳුම් තත්ත්වයෙන් උසස් වන අතර භාවිතා කරන අමුද්‍රව්‍ය වල (රෙදි” නූල්” බොත්තම්” සිප්) ගුණාත්මකභාවය ඉතා ඉහළය. මේ නිසා මෙම ඇඳුම්වල කල් පැවැත්මද නිමාවද සාමාන්‍ය ඇඳුමකට වඩා ඉහළ වේ. එපමණක් නොව ලෝකප්‍රකට ගායකයන්” රංගන ශිලිපීන් වැනි සෙලිබි්‍රටි පුද්ගලයන් මෙම බ්‍රෑන්ඩ් භාවිතා කරන නිසා මේවායේ වටිනාකම මෙන්ම ඉල්ලුමද දිනෙන් දින ඉහළ යයි.

FaShion Power - අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්නේ කොහොමද?
FaShion Power - අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්නේ කොහොමද?

● අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරාගන්නේ කොහොමද?

අද වනවිට වෙළෙඳපොළේ ප්‍රධාන බ්‍රෑන්ඩ් වලට ආදේශක නොහොත් කොපි වර්ග විශාල වශයෙන් දක්නට ලැබෙන නිසා ඔරිජිනල් එක යැයි සිතා බොහෝදෙනෙක් කොපි නොහොත් Fake Product මිලදී ගෙන අතරමං විය හැක.

FaShion Power - අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්නේ කොහොමද?

ඒ නිසා බ්‍රෑන්ඩඩ් ඇඳුමක් මිලදී ගන්නා විට හැමවිටම අදාළ බ්‍රෑන්ඩ් එකේ ප්‍රධාන ශාඛාවටම යන්න. ඉන්ටර්නෙට් එකෙන් ඕඩර් කරලා අතරමං වුණ අවස්ථා අපි ඕනෑ තරම් අසා තිබෙනවා. ඒ කියන්නේ අතරමැදියන්ගෙන් මිලදී නොගෙන කෙළින්ම brand එකේ shop එකටම යන්න. එවිට කිසිම විටක කොපි නොහොත් ෆේක් ප්‍රඩක්ට් වලට අසූවීමේ හැකියාවක් නොමැති බැවිනි. ඇතැම් පිරිස් අදාළ බ්‍රෑන්ඩ් එකේ මුද්‍රාව සහිත අමුද්‍රව්‍ය මුද්‍රණය කර” ඉතා ඉහළ මට්ටමේ කොපි නොහොත් ෆේක් ඇඳුම් මසා විකිණීමද සුලභ දෙයක්. විශේෂයෙන් තායිලන්තය” ලංකාව” ඉන්දියාව” චීනය වැනි රටවල විශාල වශයෙන් ෆේක් බ්‍රෑන්ඩ් දක්නට ලැබේ.

ලංකාවේ බොහොමයක් මිල අධික බ්‍රෑන්ඩ් වලට අදාළ ප්‍රධාන ආයතන අදටත් නොමැති බැවින් මේවා මිලදී ගැනීමට වෙනත් රටවලට යෑමට හෝ ගෙන්වා ගැනීමට සිදුවේ. නමුත් වෙනත් රටකින් ගෙන්වා ගැනීමේදී මෙරටට අදාළ බදු මුදල් (Tax) ගෙවීමටද සිදුවනු ඇත.


FaShion Power - අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්නේ කොහොමද?

● මොනවද මේ බ්‍රෑන්ඩඩ් ඇඳුම් වර්ග ?

Dior, Louis Vuitton , Chanel, Fendi , Hermes, Gucci, Alexander McQueen , Dolce & Gabbana, burberry ,coach, Cartier ඉතා මිලෙන් අධික ගුණාත්මක බවෙන් ඉහළම සන්නාම වන අතර Michael Kors, Nike, Puma, Adidas, Boss, Guess වැනි ඇඳුම් සන්නාම වර්ගද ලොව සුලභ බොහොමයක් රටවල මිලදී ගතහැකි බ්‍රෑන්ඩ් වර්ග වේ.

FaShion Power - අතරමං නොවී බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරගන්නේ කොහොමද?

● කැපී පෙනෙන්න නම් බ්‍රෑන්ඩඩ් ම අඳින්න ඕනෑද ?

අපෝ නෑ. තමන් අඳින ඇඳුම පිරිසිදුව පිළිවෙළට අඳිනවා නම් බ්‍රෑන්ඩඩ් නැතත් කැපී පෙනෙන්න අඳින්න පුළුවන්. හැබැයි අනික් අයට වඩා ඔයා අඳින පළඳින විදිය ටිකක් වෙනස් කරලා බලන්න. හැමෝම අඳින විදියට අඳින්න ඕනෑ කියලා එකක් නෑ. එක එක්කෙනාගේ සිරුරේ හැඩය” හමේ පාට වෙනස්. එතකොට තමන්ට ගැළපෙන ඇඳුම් තමන් තෝරාගත යුතුයි. රැල්ලට අඳින්නේ නැතිව අවස්ථාවට ගැළපෙන ඇඳුම් තෝරා බේරා ගත යුතුයි. ෆැෂන් කරනකොට මීට අමතරව සුවපහසුවද බැලිය යුතුම කාරණයක්. ලෝකයේ තියෙන මිල අධිකම බ්‍රෑන්ඩ් එකේ ඇඳුමක් ඇන්දත් වැඩක් නෑ එය ඔබව අපහසුතාවට පත් කරවනවා නම් සහ ඔබේ Personality එකට හානියක් කරනවා නම්.

ලෝක ප්‍රකට කවුරු ඇන්දත්” ලෝකයේ trending ම ඇඳුම වුණත් තමන්ට නොගැළපෙන ඇඳුම කිසිම දවසක තෝරාගන්නට එපා. මොකද ලෝකයේ ඔයා වගේ ඉන්නේ එක්කෙනයි. අන්න ඒ නිසා අපි හැමෝම එකිනෙකාට ආවේනික බ්‍රෑන්ඩ් එකක් බවත් අමතක කරන්න එපා.

අඩු වියදමකින් මිල අධික පෙනුමක් ගන්නේ කොහොමද කියලත් වෙනම දවසක අපි කතා කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment