‘Feed a child’ ව්‍යාපෘතියට මහජන බැංකුවෙන් රුපියල් මිලියනයක පරිත්‍යාගයක්

40

අවුරුදු පහට අඩු ඌන පෝෂණය සහිත දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමේ අරමුණින් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ආයතනය සහ මනුසත් දෙරණ එක්ව දියත් කරන ‘Feed a child’ ව්‍යාපෘති අරමුදල ආරම්භ කරමින්, මහජන බැංකුව ඒ සඳහා රුපියල් මිලියනයක මුදලක් පිරිනමයි.

මේ සඳහා වන චෙක්පත මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා වෙත පසුගියදා පිරිනමන ලදි. නුවරඑළිය දිස්ත්‍රික් මහරෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය ජගත් රණසිංහ මහතා සහ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛා කළමනාකාරිනි නන්දනී පියසිලී, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරිනී දර්ශනි වේරගොඩ මහත්මීන්ද මෙම අවස්ථාවට සහභාගි විය.

වත්මන් ආර්ථික අර්බුදය නිසාවෙන් ඌන පෝෂණතාවයෙන් යුත් දරුවන් හඳුනාගෙන ඔවුන් සඳහා සති 2කට වරක් පෝෂණ මල්ලක් මාස 6ක කාලයක් පුරා මසකට රුපියල් 6000ක වටිනාකමින් ලබාදීමට Feed a child වැඩසටහන මඟින් කටයුතු යොදා ඇත. පවුල් සෞඛ්‍ය කාර්යාල මඟින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් හරහා දිස්ත්‍රික්ක වශයෙන් මෙම දරුවන් තෝරාගැනීම සිදුකරන අතර, විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය සහ නිර්දේශ මත සති 2 කට වරක් මෙම පෝෂණ මලු ලබාදීමට කටයුතු යොදා තිබේ. මාස හයක කාලයක් පුරා මෙම දරුවන්ගේ පෝෂණ තත්ත්වයේ වර්ධනය අදාළ වෛද්‍යවරුන් සහ නිලධාරීන් මඟින් නිරීක්ෂණය කරයි. නුවරඑළිය, මොණරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක තුළ මෙම වැඩසටහන දැනටමත් ක්‍රියාත්මක කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment