Free Fire ශූරතාවලිය ජූනි මස 7 වෙනිදා

138


 ඩයලොග් ආසිආටා පීඑල්සී, ශ්‍රී ලංකා Esports (SLESA)  සංගමය සමඟ එක්ව Dialog–SLESA  සමස්ත ලංකා Free fire ශූරතාවලිය නමින් සමාරම්භක Esports තරගාවලියක් බලගැන්වීමට ඉදිරිපත්වී සිටී. ඒ අනුව මෙම ශුරතාවලිය එළඹෙන ජූනි මස 7 වෙනිදා ආරම්භවීමට නියමිතය.
 මෙම ශුරතාවලිය සඳහා සහභාගිවීමට කැමැත්තක් දක්වන තරගකරුවන් ලියාපදිංචි කිරීමේ කටයුතු 2022 ජූනි 01 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත. ඒ අනුව තරගකරුවන්ට https:// dlg.lk/3vZdkd9  ඔස්සේ ශුරතාවලිය සඳහා ලියාපදිංචි විය හැක. ශූරතාවලිය පිළිබඳ වැඩි විස්තර Dialog Facebook  පිටුවට පිවිසීමෙන් හෝ Sri Lanka Esports පිටුවට පිවිස තොරතුරු ලබාගත හැකිය.

රුපියල් මිලියනයක ජයග්‍රාහී තෑගි මුදලක් පිරිනැමෙන මෙම දිස්ත්‍රික් මට්ටමේ Esports  ශූරතාවලිය මගින් දක්ෂතාවයන්ගෙන් පිරිපුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ කුසලතා ඔප්නංවා ඔවුන්ට ජාත්‍යන්තර මට්ටමින් තරගාවලි සඳහා සහභාගි වී ක්‍රීඩා කිරීමට ඉඩ ප්‍රස්තාව සලසාදීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය Esports  නාමයක් වනFree fire විසින් මෙම ශූරතාවලිය සංවිධාන කරන අතර, එය Garena ආයතනය විසින් වැඩිදියුණු කර ප්‍රසිද්ධියට පත්කළ බහු ක්‍රීඩක battle-royale පන්නයේ මොබයිල් ක්‍රීඩාවකි.

advertistmentadvertistment
advertistmentadvertistment