G20 රටවල නාගරික සංවර්ධන සමුළුව ඉන්දියාවේ

122

G 20 සාමාජික රටවල නාගරික සංවර්ධන කටයුතු පිළිබඳ පැවැත්වෙන සමුළුවේ සත්කාරක නගරය ලෙස ඉන්දියාවේ අහමබාද් නගරය තෝරාගෙන ඇත.ඒ අනුව ඊට අදාළ ලාංඡනය, වෙබ්අඩවිය සහ සමාජ පාලනය කටයුතු නිල වශයෙන් එළිදැක්වීම ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමති භූපේන්ද්‍ර පටෙල් මහතා විසින් සිදු කරන ලදි.ඉන්දියාව ඉදිරි දශක දෙක තුළ සමස්ත ජනගහනයෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනගහනයට වඩා නගර වලට එක්වනු ඇතැයි බලාපොරොත්තු වෙයි.ඒ අනුව ඊට සරිලන ලෙස නගර සංවර්ධනය කිරීම සඳහා පියවර ගැනීම මෙහි අරමුණ වේ.පරිසරය රැකගැනීම,ජලය ආරක්ෂා කිරීම, ඩිජිටල් නාගරික අනාගතයක් බිහි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුකිරීම මෙම සමුළුවේ අරමුණ වී ඇත. මෙහි පළමු රැස්වීම පෙබරවාරි මස 09 සහ 10 දිනවලදී අහමදාබාද් හිදී පැවැත්වේ. එම සමුළුවේ දී G20 රටවල් හි මහ ඇමැතිවරු විසින් අදාල නාගරික සංවර්ධන කටයුතු ගැන තීරණයක් ගන්නා බව ඉන්දීය නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එම ගනු ලබන තීරණ අනුව ජූලි මාසයේ දී දිල්ලි, මුම්බායි හා බෙංගලුරු හිදී පැවැත්වෙන රැස්වීම් වලදී නාගරික සංවර්ධන සදහා සැලසුම් සකස් කිරීමට නියමිත බවද පවසයි. ඉන්දියාවට මෙවර G20 රටවල සමුළුවේ සභාපතිත්වය හිමිව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment