Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G හි නව සන්නාම තානාපතිනිය ලෙස යොහානි SAMSUNG සමග එක් වෙයි

64

ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි  premium Galaxy Z  කාණ්ඩයේ foldable smartphones” Galaxy Z Fold3 5G” Galaxy Z Flip3 5G සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත smartphones සඳහා සන්නාම තානාපතිනිය ලෙස තාරුණ්‍යයේ හද රැුඳි සංගීත ශිල්පිනියක් වන යොහානි ද සිල්වා සමඟින් පසුගියදා සහයෝගීතාවයකට එළැඹුණි.

 යොහානි ගායිකාවක්, ගීත රචකයෙක්, රැප් ගායිකාවක් මෙන්ම පියානෝව,  ගිටාරය, ට‍්‍රම්පට් සහ උකුලේලේ ආදී වාද්‍ය භාණ්ඩ වාදනය කරන බහු-වාදක ශිල්පිනියක්ද වේ. pop, rhythm and blues, hip-hop සම්බන්ධයෙන් සුවිශේෂී හැකියාවක් ඇය සතුය. YouTube හි ග‍්‍රාහකයින් මිලියන දෙක පසු කළ ලංකාවේ ප‍්‍රථම කලාකාරිනිය ද වන්නේ ඇයයි. ඉතා ආකර්ෂණීය හා හැඩකාර Galaxy Z Fold3 5G සහ Galaxy Z Flip3 5G smartphones වෙළෙඳපොළෙහි නව සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත. වඩාත් ආකර්ෂණීය Galaxy Z Fold3 සහ Galaxy Z Flip3 පාරිභෝගිකයින්ට වඩාත් පුළුල් තිර අත්දැකීමක් මෙන්ම දෛනික රාජකාරී කිරීමට, වැඩසටහන් ආදිය නැරඹීමට සහ විනෝද වීමට අද්විතීය නව ක‍්‍රමයන් රැසක් ඉදිරිපත් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment