GMOA අද චැනල්වලිනුත් ඉවත් වෙයි

182

වැඩ වර්ජනය ක්‍රියාත්මක අද දිනයේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නියෝජනය කරන කිසිදු වෛද්‍යවරයකු පෞද්ගලික චැනල් හා වෛද්‍ය ප්‍රතිකාරවලින්ද ඉවත් වන බව එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ‘දිවයින’ට පැවසීය. තම සංගමයට අයත් නොවන වෛද්‍යවරුන්ගේ තීරණ තමන්ට අදාළ නොවන බව ද ඒ මහතා කීය.

මේ අතර ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ජාතික සේවක සංගමය, ශ්‍රී ලංකා නිදහස් බැංකු සේවක සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටින්නේ සුපුරුදු පරිදි රාජකාරිවලට පැමිණ තම රාජකාරි කටයුතු ඉටු කරන ලෙසයි. තම සංගම්වල සාමාජිකයන් රජයේ චක්‍රලේඛවලට අනුව කටයුතු කරන බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment