GMOA මේ කරන්නේ කන්න දීපූ අත හපා කෑමක් – වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන

316

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කි‍්‍රයාත්මක කළ වැඩවර්ජනය සම්පූර්ණයෙන්ම හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතා ඊයේ (20 දා) පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප‍්‍රබලයකු නිසා හෝ වෙනත් හේතු කිහිපයක් නිසා වර්ජන කි‍්‍රයාමාර්ග ගනිමින් මහජනතාවට දඬුවම් කිරීම සාධාරණ නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් රජය විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුදුන්පත් කර ගනිමින් කටයුතු කරමින් අවශ්‍ය සියලූ බලතල සහ වරප‍්‍රසාද ද අත්තනෝමතික ලෙස ලබාදෙමින් එම සංගමය වත්මන් තත්ත්වයට පත්කර ඇතැයි වෛද්‍ය බෙල්ලන මහතා චෝදනා කළේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ වන විට සිදු කරන්නේ කන්න දීපු අත සපා කෑමක් බව කී වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන මහතා මෙම වෘත්තීය සමිතිය මේ තරම් ප‍්‍රබලව මෙරට මාෆියා සංවිධානයක් සේ කි‍්‍රයා කරන්නේ නීතිමය තත්ත්වයන් තිබියදී වීම සැලකිල්ලට ගත යුතු බවද කියා සිටියේය.

මේ වන විට මෙරට වෛද්‍යවරුන් 85ක්-95ක් වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙල්ලකර දියාරු කර හැරීමට පෙළගැසී සිටින බවද හෙතෙම පැවැසීය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (20 දා) දිස්ති‍්‍රක්ක පහක කි‍්‍රයාත්මක කළ වෛද්‍ය වැඩවර්ජනය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතා එසේ කියා සිටියේය.

සුජීව තත්සර
 

advertistmentadvertistment
advertistmentadvertistment