GMOA වර්ජනය කළත් සියයට 85 කට වඩා වෛද්‍යවරුන් සේවයට ආවා – වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන

233

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ (21 දා* දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් ක‍්‍රියාත්මක කළද සියයට 80 කට වඩා වෛද්‍යවරුන් සේවයට වාර්තා කර සිටි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පැවසීය.

නව වෛද්‍යපත්වීම් සඳහා කිසි ලෙසකින්වත් මාරු මණ්ඩලය මැදිහත් නොවන බව පැවසූ බෙල්ලන මහතා මෙවැනි වැඩකට නැති වර්ජන සිදුකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ ලබා නොදිය යුතු බව ද කීය. වෛද්‍යවරුන් සුබසාධනය වැනි ප‍්‍රශ්නවලට වැඩවර්ජන කරන්නේ නම් ඒ ගැන සිතාබැලිය හැකි නමුත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙවැනි වැඩවර්ජන සිදු කරන්නේ ගිලිහෙමින් පවතින ආධිපත්‍ය රැක ගැනීමට බව වෛද්‍ය බෙල්ලන මහතා පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment