Great Place to Work, ‘එයාර්ටෙල්’ ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට

73

පසුගිය වසරේ කොවිඞ්-19 වසංගතයේ ව්‍යාප්තියත් සමඟ ගෝලීය වශයෙන් පැන නැගුනු දැඩි අභියෝගයන් හමුවේ සාර්ථකව ඉදිරියට යමින් සිටින, ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා තවත් අද්විතීය සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඨරු්එ ඡුක්ජැ එද උදරන ආයතනය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩය 2021 ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථාන අතරට ශ්‍රේණිගත කර ඇත.

එයාර්ටෙල් ලංකා මෙම ඇගයීමට ලක් වූ ප‍්‍රථම අවස්ථාව මෙය වන අතර අලූත් සහ ඔරොත්තු දිය හැකි සේවා ස්ථාන සංස්කෘතියක් නිර්මාණය කිරීම සහ කල් ඇතිව හැඩගැසීමට සන්නිවේදන සේවා සැපයුම්කරුවකු වීම වෙනුවෙන් සමාගම දරන උත්සාහයේ කදිම සාක්ෂියක් ලෙස මෙය පෙන්වා දිය හැකියි.

කෙසේවෙතත්, මෙම සමස්ත ක‍්‍රියාවලියේදී සේවකයින්ට අත්‍යවශ්‍ය වන දේවල් හා පහසුකම් පිළිබඳව පූර්ණ වශයෙන් මෙහිදී සැලකිල්ලට ගෙන නොමැත. නමුත් ඇත්ත වශයෙන්ම මෙමගින් ශ‍්‍රම බලකායට ඔවුන් වැඩකරන කාලය තුළ ඵලදායී වීමට, ඉලක්ක සපුරා ගැනීමට සහ සේවකයින්ගේ පුද්ගලික ජීවිතයේ සෑම අංශයකින්ම පාහේ තෘප්තිමත් වීම යන සේවකයා කේන්ද්‍ර කරගත් සුවිශේෂී අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳ අදහස් දක්වන භාරතී එයාර්ටෙල් ලංකා සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරී, අශීෂ් චන්ද්‍රා මහතා ”මෙවැනි කාලවලදී අපගේ සේවකයින්ගේ සුබසිද්ධිය සහතික කිරීම සඳහා සේවකයින් සමඟ සම්බන්ධ වී සිටීම වැදගත් සාධකයක්. නව්‍ය ඩිජිටල් ක‍්‍රම හරහා ඔවුන් සමඟ ඇති අපගේ සම්බන්ධය වැඩි කරගැනීම සැබවින්ම හැඟීම්වලින්, භෞතිකව සහ මූල්‍යමය වශයෙන් ඔවුන්ට අවශ්‍ය මොහොතේදී සහාය වීමට අපට අවස්ථාව ලබා දුන්නා.” යනුවෙන් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment