GSP අහිමි වුණොත් ඊට මුහුණ දෙන්න සූදානම්

528

යම් හෙයකින් ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වීමේ තත්ත්වයක් ඇති වුවහොත් ඒ ස`දහා ආර්ථිකමය වශයෙන් රටට මුහුණ දීමට හැකි තත්ත්වයක් ඇතිකර ගන්නා බව මුදල්, ප‍්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
 
 එම සහනය අහිමි වීමෙන් තිබූ වාසිය යම් විදියකට අවාසියකට හැරුණත් ඒ අවාසිය මගහැරවෙන විදියට වෙනත් වාසි ලබා ගැනීමට කටයුතු කරන බව ද ඇමැතිවරයා කියා සිටියේය.
 
 යුරෝපා සංගමයෙන් ලද ජී.එස්.පී. ප්ලස් බදු සහනය අහිමි වෙනු ඇතැයි අවවාද කර ඇති හෙයින් එම අවදානම හමුවේ තව දුරටත් දේශපාලනය නොකර එම සහනය ආරක්ෂා කිරීමට රජය වහාම කටයුතු කළ යුතු බවට හිටපු අගමැති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මාධ්‍යයට කර තිබූ ප‍්‍රකාශයක් ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා මේ බව කීවේය.
 
 ඒ ගැන කරුණු දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද කීවේය.
 
 අපට යුද්ධය කරන කාලෙත් මේ වගේ තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණා. මේ සහනය අයින් කරනවා කියල ලොකු ආන්දෝලනයක් ගියා. ඒ වගේම එය අයින් කෙරුවා. එසේ කරගෙන යද්දී ඔය හිටපු අගමැතිතුමාම තමයි කිව්වේ රැකියාවල් හයලක්ෂයක් අහිමි වෙනවා. ඩොලරයට ගෙවන්න වෙන රුපියලේ අගය දෙගුණ වෙනවා. මේ වගේ ලොකු කතාවක් කිව්වා. මේවා අද මතක් කරගන්න එකත් වටිනවා. අද වගේම ප‍්‍රකාශයක් එතුමා එදා විපක්ෂ නායකයා හැටියට කෙරුවා. අපි ඒ වුණාට ඒවාට මුහුණ දුන්නා. එක රැුකියාවක් නැති වුණේ නැහැ. රුපියල අවප‍්‍රමාණය වුණෙත් නැහැ. රුපියල අධිප‍්‍රමාණය කරගන්න අපට පුළුවන් වුණා. රටේ කාර්යක්ෂමතාව වැඩි කරගත් නිසා අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් වුණා. මූලිකවම මම එය කියන්න කැමතියි.
 
 එසේම අනිත් කරුණ තමයි මේ ජී.එස්.පී. ප්ලස් බදු සහනය කියන්නේ වෙනත් රටක් ලබාදෙන සහනයක්. ඒකට ඒ රටේ ආර්ථිකමය කටයුතුවලට හැරෙන්නට ශ‍්‍රී ලංකාවට විවිධ දේශපාලනික, ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාවට සහ ස්වෛරීතාවට බලපාන කොන්දේසි දානවානම් කිසිම වැදගත් රටක්, කිසිම වගකිව යුතු රටක් ඒවාට එක`ග වෙන්නේ නැහැ. මේ කොන්දේසිවල තියෙනවා අපි චීන රජය සමග තියෙන සම්බන්ධතාව අඩු කරන්න ඕන කියල. විවිධ පොලිසියට භාර අරන් තියන පුද්ගලයන්ව නිදහස් කරන්න ඕන කියල තියෙනවා. මේ කොන්දේසිවලට කවුද එකඟ වෙන්නේ. පසුගිය රජය නම් එක`ග වුණා. රනිල් වික‍්‍රමසිංහ මහතා නියෝජනය කරන පක්ෂයට එවැනි කටයුතුවලට එකඟ වෙන්න පුළුවන්. ඒ නිසා එතුමා එහෙම කියන එක ගැන මට ගැටලූවක් නැහැ. ඒත් අපේ රජය නියෝජනය කරන්නේ වෙනත් ස්ථාවරයක්.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment