Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

309

Fashion power by thrikala

Branded Hand Bags

● brand එකක් නොහොත් වෙළෙඳ නාමයක් කියන්නේ මොකද්ද ?

බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ලෝකයක් පිළිගන්න වටිනාකමක් තියෙන නමක්. එය එක රැයකින් බිහිවන දෙයක් නොවේ. කාලාන්තරයක් තිස්සේ ඉතාමත් හොඳ ගුණාත්මක බවෙන් ඉහළ ඉතා වටිනා නිෂ්පාදන ලබාදීමත් සමග ලැබෙන පාරිභෝගික විශ්වාසය මත ගොඩනැඟෙන දෙයක්.

Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

● බ්‍රෑන්ඩඩ් දේවල් ඇයි මේ තරම් මිලෙන් අධික ?

විශ්වාසයෙන් හා ගුණාත්මක භාවයෙන් ඉහළ එම නිෂ්පාදන ඉතාමත් මිල අධිකයි. බොහෝවිට ලොවක් හඳුනන මිනිසුන් ආදරය කරන චරිත (සෙලිබි්‍රටිස්) මේවා පාවිච්චි කරනවා. ඔවුන්ගේ අනුගාමිකයන් ද මේ බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චියට ගන්නට පෙළඹෙනවා. කාලයක් යද්දි ඒක සමාජ තත්ත්වය මනින ප්‍රධාන සාධකයක් බවට පත්වෙනවා. අද වෙද්දි බොහෝවිට එය සමාජ මට්ටම” වත්කම් මනින මිනුම් දණ්ඩක් බවටද පත්වී හමාරයි. බ්‍රෑන්ඩඩ් දේවල් මේ තරම් ගණන් වෙන්නේ ඒ හේතුව පමණක් නිසාම නොවේ. මේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යද ඉතාමත් මිල අධිකයි” කල් පැවැත්ම වැඩියි. ඒ වගේම මිනිස් ශ්‍රමය යොදාගෙන අතින්ම බොහෝවිට නිපදවන මේ දේවල් නිපදවීමට ගතවන කාලයද වැඩී.

Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

● ඇත්තටම ඇයි මිනිස්සු බ්‍රෑන්ඩඩ් හෑන්ඩ් බෑග් පාවිච්චි කරන්නේ ?

ඉහත සඳහන් කළ පරිදිම මිනිසුන්ගේ වත්කම මනින මිණුම් දණ්ඩක් බවට මෙය පත්වී ඇති නිසා බොහොමයක් අය සමාජ තත්ත්වය පවත්වාගෙන යෑමට මේවා පාවිච්චි කරනවා. ඊට එහා ගිය” බොහොමයක් පිරිස නොදැනුවත් කාරණයක් තමා දැන් මම කියන්න යන්නේ.

බ්‍රෑන්ඩඩ් හෑන්ඩ් බෑග් නිපදවන්නේ ඉතා වටිනා අමුද්‍රව්‍ය වලින්. ඒ අතර බැටළු හම” පිඹුරු හම” කිඹුලාගේ හම” පැස්බරාගේ හම” මාළු හම වැනි ස්වභාවික දෑ ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස භාවිතා වනවා. මේවා වසරකට වරක් අදාළ ආයතනය මගින් අලුත්වැඩියා කර දෙන අතර” වෙන යම් හානියක් අපේ අතින් වුණත් එය වහාම සකසා දෙනු ලබනවා. බොහෝමයක් බෑග්වල හැඬලය රත්‍රං ආලේපිත වන අතර තනි රත්තරනින් නිමවූ හැඬලද තිබෙනවා. එහි රත්‍රං පිළිබඳවද ඉතා දීර්ඝකාලීන වගකීම් සහතිකයක් දෙනු ලබයි. එනිසා මෙම බ්‍රෑන්ඩඩ් හෑන්ඩ් බෑග් හොඳ ආයෝජනයක් (Investment) ලෙස බොහෝ දෙනා මිලට ගනු ලබනවා. මුදල් හදිසි අවස්ථාවකදී මේවා එම මිලටම හෝ ඊට වැඩි මිලකටත් විකිණෙන අවස්ථා තිබෙනවා. ඒ වගේම ඉතා කල් පවත්නා වටිනා මෙම බෑග් පරම්පරාවෙන් පරම්පරාවට අම්මාගෙන් දුවට උරුම වන අවස්ථාද ලෝකයේ සුලභව දක්නට ලැබෙනවා.

Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

● ප්‍රධාන හෑන්ඩ් බෑග් වර්ග මොනවාද?

ඩෆල් බෑග් –

කරේ දමන ප්‍රමාණයෙන් විශාල බෑග් එනම් රට යනවිට” ටි්‍රප් යනවිට”

ජිම් එකට යන විට භාවිත කරන ඒවා.

ෆටෝට් බෑග් –

දිනපතා කාන්තාවන් භාවිත කරන හෑන්ඩ් බෑග් වර්ගය” එනම් ඔෆිස්

යනවිට වැඩට යනවිට සාමාන්‍ය ගමනක් යනවිට භාවිත කරන ඒවා.

ෆක්ලච් බෑග් –

කරේ නොදමා අතේ තියාගෙන යන ප්‍රමාණයෙන් කුඩා බෑග්” එනම්

වෙඩින්වලට පාටිවලට කොක්ටේල් එකකට යනකොට අරන් යන ඒවා.

Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

බැක් පැක් –

පිටේ එල්ලගෙන යන බෑග්” එනම් දුර ගමනක් යනවිට” පාසල් යන විට” ඔෆිස් යනවිට” ටි්‍රප් යනවිට” කඳු නඟින විට” ක්‍රීඩා පුහුණුවීම්වලට යනවිට භාවිත කරන ඒවා.

Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

● ලෝකේ තියන මිල අධිකම බ්‍රෑන්ඩඩ් හෑන් බෑග් වර්ග මොනවාද?

ශනෙල් (Chanel), හර්මේස් (Hermes), ලුවිඩ් විට්ටෝන් (Louis Vuitton), ඩියෝ (Dior), ප්‍රාඩා (Prada), වයි.එස්.එල් (YSL), ගූචි (Gucci), ෆෙන්ඩි (Fendi), බර්බරි (Burburry), මල්බෙරි (Mulberry), අලෙක්සෙන්ඩර් මක්වීන් (McQueen)

මීට අමතරව මෙතරම් මිලෙන් අධික නොවුණාට දිනපතා භාවිතයට සුදුසු ලොව පිළිගන්නා බොහෝමයක් කාන්තාවන් භාවිත කරන හෑන්ඩ් බෑග් වර්ග කිහිපයක්ද ඇත. ඒ අතරින් මයිකල් කෝස් (MK), ඇල්ඩෝ (Aldo), සහ චාල්ස් ඇන්ඩ් කීත් වැනි බ්‍රෑන්ඩ්ස් ඉදිරියෙන් සිටී.

Hand Bag ගන්න කලින් මේ ගැනත් හිතන්න

● කොපි (Fake) බෑග් එකක් හඳුනාගන්නේ කොහොමද?

ඔරිජිනල් බ්‍රෑන්ඩ් පාවිච්චි කරන කෙනෙක්ට බැලූ බැල්මෙන්ම කොපි නොහොත් Fake bag එකක් හඳුනාගන්නට පුළුවන්. විශේෂයෙන්ම Material එක” මැහුම් සහ නිමාව” . Zip එක” හැඬලය බලපු ගමන් කොපි බෑග් එකක් අඳුනා ගන්නට පුළුවන්. තවත් විශේෂ දෙයක් තමා ඇතුළට භාවිත කර ඇති රෙදි වර්ගය” එහි වර්ණය සහ නිමාව. පෙනුමට අමතරව ඔරිජිනල් බෑග් එකක් කොපියකින් හඳුනාගන්නට පුළුවන් නිවැරදිම ක්‍රමය තමයි එහි සීරියල් නම්බර් එක. ඕනෑම බ්‍රෑන්ඩඩ් බෑග් එකක් මිලදී ගන්නාවිට එයට නම්බරයක් සමග කාඩ්පතක් හිමිවනවා. ඕනම කෙනෙක්ට එය අදාළ වෙබ්සයිට් එකෙන්ද” ලෝකේ ඕනෑම අදාළ බ්‍රෑන්ඩ් එකට අදාළ කඩයකට ගිහින් දුන් විටද මිලදී ගත් දිනය” වෙලාව” රට සහ මිල ගණන් ආදී සියලු විස්තර ගත හැකියි.

බ්‍රෑන්ඩඩ් ඇඳුමක් තෝරා ගන්නා හැටි ලබන සතියේ කතා කරමු

advertistmentadvertistment
advertistmentadvertistment