Happy Birthday රිදී තිරයේ

135

නීටා සපරමාදු තම දියණියන් දෙදෙනා වන නතාලි සහ වෙනුකි සමග තම පියාගේ වතු බංගලාවට පැමිණෙන්නේ පිටරට සිට පැමිණි තම වැඩිමල් දියණිය වන නතාලිගේ 18 වැනි උපන් දිනය සැමරීමටයි.

Happy Birthday රිදී තිරයේ

නීටාගේ පියා වන සපරමාදු මහතා මියගොස් තවම ගතව ඇත්තේ මාසයක් පමණක් බැවින් උපන් දිනය සුළුවෙන් සැමරීමට තීරණය කරන නීටා සහ දියණියන් මිය ගිය සීයාගේ නිවස පැමිණෙන්නේ නතාලිගේ 18 වැනි උපන් දිනය දිනයේ තිළිණයක් ලෙස ඇය නමට සපරමාදු මහතා පවරා ඇති වත්කම් භාර ගැනීමේ අරමුණද ඇතිවය. නිවසට ඇතුළුවීමේදීම ඔවුන්ට යම් අමුත්තක් දැනෙන අතර ඔවුන් එනතුරු මග බලා සිටි මැණිකා නම් සේවිකාව ද අතුරුදන්ව සිටී. වඩාත් අස්වාභාවික සිද්ධි දාමයක් සිදුවන්නේ ඉන් අනතුරුවය.

මේ ගෙනහැර දැක්වෙන්නේ අරුණ ජයවර්ධනගේ නවතම සිනමා සිත්තම වන Happy Birthday හි කතා සාරාංශයයි. ත‍්‍රාසය, භීතිය කුතුහලය රැුගත් Happy Birthday මාතෘත්වය උදෙසා පිදෙන සිනමා තිළිණයකි.

දිල්හානි ඒකනායක, යෙහාලි ටාෂියා කාලිදාස, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සූර්යා දයාරුවන්, රන්දික ගුණතිලක, සුරංග රණවක, යොහානි හංසිකා හෙට්ටිආරච්චි, බන්දුල සූරියබණ්ඩාර, ප‍්‍රසන්න දැකුම්පිටිය, සුනිල් පේ‍්‍රමරත්න චරිත නිරූපණය කරන Happy Birthday අරුණ ජයවර්ධනගේ අධ්‍යක්‍ෂණයකි.

කැමරාකරණයෙන් චන්න දේශප‍්‍රිය, සංගීතයෙන් චින්තන දේශප‍්‍රිය, සංස්කරණයෙන් සහ වර්ණ සංයෝජනයෙන් අසංක වික‍්‍රමසිරි, සහය අධ්‍යක්‍ෂණයෙන් අමිල පහතගෙදර, කලා අධ්‍යක්‍ෂණයෙන් සුනිල් පේ‍්‍රමරත්න, වේශ නිරූපණයෙන් ප‍්‍රියංකර ඒකනායක, නිෂ්පාදන කළමණාකරණයෙන් ගිහාන් පෙරේරා, ඇඳුම් නිර්මාණයෙන් මල්කි විජේමාන්න, හ`ඩ සැලසුම්කරණයෙන් සසික රුවන් මාරසිංහ සහ ගී පද රචනයෙන් මල්කි විජේමාන්න Happy Birthday සමග එක්වේ.

පසුගිය 24 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් හතළිහක තිරගතවීම ආරම්භ කළ Happy Birthday තුළින් ගෙන එන වෙනස්ම අත්දැකීම විඳගන්න ඔබත් එක්වන්න.

advertistmentadvertistment
advertistmentadvertistment