AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම, ආධාර උපකාර අවශ්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම වෙනුවෙන් සිය සවිගැන්වීමි ලබාදීම සඳහා HelpAge ශ්‍රී ලංකා හා එක්වෙයි.

AIA වෙතින් ලබාදෙන මෙම පරිත්‍යාගය ඔස්සේ ඇසේ සුද නිසා පෙනීම දුර්වල වූ රෝගීන් 10 දෙනෙකුහට ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා දායකත්වය ලැබෙනු ඇත. ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම මඟින් එම රෝගීන්ගේ පෙනීම යථාතත්ත්වයට පත් කිරීම පමණක් නොව ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරමින් සිය ආදරණීයයන්ටත්, සමාජයටත් ඔවුන්ගේ දායකත්වය සහ සහයෝගය ලබා දීමේ හැකියාව ඇති කරයි.

AIA ඉන්ෂුවරන්ස් හි අප විශ්වාස කරන්නේ සැබෑ සාර්ථකත්වය මැනිය හැක්කේ, අප විසින් අන් අයගේ ජීවිත තුල ඇති කරන ධනාත්මක බලපෑම මත වන බවයි. මෙසේ HelpAge ශ්‍රී ලංකා ආයතනය සමඟින් සහයෝගිතාවයකට එලඹීමෙන් අපගේ සහය මූල්‍යමය ආධාරයකින් ඔබ්බට යමින් අවශ්‍යතාවය ඇති අයගේ ජීවිත වලට සහනයක් ලබා දීමට අපට හැකියාව ලැබී ඇත. මෙම මුලපිරීම ඔස්සේ අපගේ දැනටමත් ක්‍රියාත්මක මෙහෙවර වන ශ්‍රී ලාංකික ජනතාවට සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ගත කිරීම සඳහා සහය වීම යන්න පිළිබිඹු වන අතර මෙම මහඟු‍ කාර්යය වෙනුවෙන් AIA හි දායකත්වය ලබාදීමට හැකිවීම අපට මහත් ගෞරවයකි.


advertistmentadvertistment