HNB අඛණ්ඩව හයවන වසරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට

62

ලොව වඩාත් සාර්ථකම හා ස්ථාවර බැංකුවක් ලෙස සිය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව‍ එක්සත් රාජධානියේ කී්රතිමත් ද බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව හයවන වරටත් ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත-

ද බෑන්කර් සඟරාව යනු 1926 සිට ජාත්‍යන්තර මට්ටමේ මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප්‍රමුඛතම තොරතුරු මූලාශ්‍රය වේ- 1970 සිට ද බෑන්කර් සඟරාව සිදු කරනු ලබන ලෝකයේ හොඳම බැංකු 1000 ශ්‍රේණිගත කිරීම මෙම ක්ෂේත්‍රයේ මිණුම් දණ්ඩක් ලෙස සැලකෙන අතර එමඟින් බැංකු ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය හා මූල්‍ය ශක්තිය පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙයි-

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ “ලොව පුරා මෑතකාලීනව සිදු වූ ආර්ථික අර්බුද හේතුවෙන් රජයන් සහ මූල්‍ය ආයතන දැඩි අසීරු තත්වයකට පත් කර නව අභියෝගවලට මුහුණ දීමට ඔවුන්ට බලකර සිටිනවා- එපමණක් නොව, ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින ආර්ථික අර්බුදය හමුවේ, මෙම අභියෝග දේශීය මූල්‍ය ආයතනවල ශක්තිය ඉතා දැඩි ලෙස පරීක්ෂා කර තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ HNB හොඳම ගෝලීය බැංකු 1,000 අතරට ශේණිගත වීම ඇත්තෙන්ම අපගේ ශක්තිය සහ ස්ථාවරත්වය පිළිබඳ කදිම සාක්ෂියක්- ඒවගේම එය පාරිභෝගිකයින්ට සහ රට නැවත දෙපයින් නැගී සිටීමට මෙන්ම නැවත ගොඩනැගීමට සහය දැක්වීමේ අපගේ උත්සාහය තවදුරටත් තහවුරු කරනවා-” යනුවෙනි-

advertistmentadvertistment
advertistmentadvertistment