HNB එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ මෙතෙර කැපවෙන දරුවන් අගයයි

80

විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් කැප කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් ඇගයීමත්, විදේශ විනිමය ඉපැයීමේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉදිරි දැක්ම වෙනුවෙන් සහයෝගය ලබා දීමත්, ජාතික අවශ්‍යතාවයක් ලෙස සලකා, “රට දිනනා සිඟිත්තෝ” මැයෙන් විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමේ වැඩසටහනක් හැටන් නැෂනල් බැංකුව දියත් කර තිබේ.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර SLT Mobitel ප්‍රධාන විධායක නිළධාරී චන්දික විතාරණ, SLT Mobitel අංශ ප්‍රධානී – විකුණුම්, නලීන් ප්‍රේමරත්න, HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න, HNB ඇෂුවරන්ස් සාමාන්‍යාධිකාරී – ආයතනික ව්‍යාපාර සබඳතා, සනේෂ් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති, මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ලලිතා එගොඩවෙල සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න යන මහත්ම මහත්මීන් ඇතුළු අදාල ආයතන නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.

අධ්‍යාපන අමාත්‍යංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, හැටන් නැෂනල් බැංකුව, දීපව්‍යාප්ත තරගාවලියක් ලෙස “රට දිනනා සිඟිත්තෝ” වැඩසටහන සංවිධානය කර ඇත. මෙම වැඩසටහන හරහා විදේශයන් හී සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන්, චිත්‍ර කලාව, නර්තනය, ගායනය හා ගද්‍ය රචනා යන කලා සහ සාහිත්‍ය අංශයන්හී දක්වන දක්ෂතා ඇගයීම සිදුකෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment