HNB ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා රෝහල් වලට අත්‍යාවශ්‍ය ඖෂධ

41

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙම අර්බුද අවස්ථාවේ දී රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට සහාය දක්වමින් ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලුත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට පසුගියදා අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කළේය.

අද වන විට දිවයින පුරා පවතින ඖෂධ හිඟය සැලකිල්ලට ගනිමින් කොරෝනා වසංගතය ආරම්භයෙන් පසුව බැංකුවේ සේවකයින් සිය දිනක වැටුප ස්වේච්ඡාවෙන් ලබා දෙමින් පිහිටු වනු ලැබූ මෙම ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් HNB ඖෂධ සහ වෛද්‍ය උපකරණ පරිත්‍යාගය සිදු කරයි. HNB සහකාර සාමාන්‍යාධිකාරී – උපායමාර්ග ප්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත මෙම ඖෂධ තොග ලබා දුන් අතර HNB නීති අංශයේ ප්‍රධානී ශිරෝමි හලොළුව මහත්මිය විසින් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා සාගරී කිරිවන්දෙනිය මහත්මිය වෙත ඖෂධ තොග ලබා දෙන ලදී.

HNB සහකාර සාමාන්‍යාධිකාරී – උපායමාර්ග, ප්‍රියංකා විජේරත්න මහත්මිය විසින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුසිත සේනාපති මහතා වෙත ඖෂධ පරිත්‍යාග කරමින්- (වමේ සිට) HNB විධායක – තිරසාර ව්‍යාපාර, ශනෙල් පෙරේරා සහ HNB විකුණුම් ප්‍රධානී, උපුල් අධිකාරි යන මහත්වරුන් ද ඡායාරූපයේ වෙයි-

advertistmentadvertistment
advertistmentadvertistment