HNB ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත්ම හිතකරම සේවා ස්ථානයක් ලෙස ඇගයීමට ලක් වෙයි

56

සේවා ස්ථානයේ සේවය කරන කාන්තාවන් අභිවෘද්ධියට පත් කිරීමට සහ සවිබල ගැන්වීමට ගන්නා ප්‍රයත්නයන් අගයමින්, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව දෙවන වරට පැවැත් වූ 2022 කාන්තා හිතකාමී සේවා ස්ථාන සම්මාන උළෙලේදී (WFWA) කාන්තාවන්ට සේවය කිරීම සඳහා වඩාත් හිතකර සේවා සංස්කෘතියක් ඇති සේවා ස්ථානයක් ලෙස පසුගියදා පිළිගැනීමට ලක්විය.

කාන්තාවන් සවිබල ගන්වන සංස්කෘතියක් පවත්වාගෙන යන සමාගම් අගැයීමට පාත්‍ර කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ SATYN සඟරාව විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කළ අතර මේ තුළින් කාන්තාවන් වෙනුවෙන් වඩාත් ආරක්ෂිත හා ශක්තිමත් සේවා ස්ථානයක් සහතික කිරීම වෙනුවෙන් රට තුළ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව මෙන්ම එක්සත් ජාතීන්ගේ පස් වැදෑරුම් තිරසර සංවර්ධන ඉලක්කයන් අනුව කටයුතු කිරීමට එම සමාගම් හා ආයතන දිරිගන්වනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment