HNB සරු ගෙවත්ත වැඩසටහන දියත් කරයි

69

මෙම අභියෝගාත්මක කාලපරිච්ඡේදය තුළ බිම් මට්ටමේ සිටින ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නැවත නගා සිටුවීමේ ප්‍රයත්නයන්ට සහාය වෙමින්, මෙරට පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දෛනික ආහාර අවශ්‍යතාවයන් සඳහා එළවළු හා පළතුරු ආදී ගෙවතු වගාවන් ප්‍රචලිත කිරීම සඳහා “HNB සරු ගෙවත්ත” වැඩසටහන පසුගියදා දියත් කළේය-

මධ්‍යම පළාතේ නාගරික ප්‍රදේශවල ගෙවතු වගාව ප්‍රවර්ධනය කරන අතරතුර නාගරික ප්‍රදේශවල සිටින ගොවීන් සඳහා නව වෙළෙඳපොලක් ස්ථාපිත කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි-

පළාත් සහ දිස්ත්‍රික් කෘෂිකාර්මික කාර්යාල සමඟ එක්ව දියත් කරන ලද මෙම වැඩසටහන කැන්ඩි සිටි සෙන්ටර් හිදී ආරම්භ වූ අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ඒ. ද සිල්වා මහතා එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය- මෙම වැඩසටහන ආරම්භ කිරීමෙහිලා පුරෝගාමීත්වය ගෙන කටයුතු කළ HNB නියෝජ්‍ය

සාමාන්‍යාධිකාරී-නීති (අධ්‍යක්ෂ මණ්ඩල ලේකම්), තුෂාරි රණවීර, HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී/ප්‍රධාන ණය නිළධාරී, නිරෝෂ් පෙරේරා, CBSL කළමනාකරු (මාතලේ), චතුර රත්නායක, HNB කලාපීය ව්‍යාපාර ප්‍රධානී (මධ්‍යම), හර්ෂ වික්‍රමසිංහ, HNB මහනුවර පාරිභෝගික ඒකකයේ, ජ්‍යෙෂ්ඨ කළමනාකාර, ඉන්දික ඒකනායක, කැන්ඩි සිටි සෙන්ටර් සභාපති තුසිත විජයසේන, ප්‍රාදේශීය ලේකම්වරුන් වන වත්සලා මාරඹගේ සහ ආර්- එම්- එස්- එම්- රත්නායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියේය-

advertistmentadvertistment
advertistmentadvertistment