HNB 2022 සඳහා ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙස ඒෂියන් බෑන්කර් සඟරාවේ ගෞරවයට

115

පාරිභෝගික බැංකුකරණයේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් හැටන් නැෂනල් බැංකුව අභිසෙස් ලැබීය.

ලොව පාරිභෝගික මූල්‍ය සේවා සඳහා වන කීර්තිමත් සහ විනිවිදභාවයෙන් යුත් සම්මාන උළෙලක් ලෙස මෙය සලකනු ලබයි. ස්ථාවරත්වය, නවෝත්පාදනය හා ඩිජිටල් හැකියාව සහ වේගවත්, තිරසාර වර්ධනයක් කරා ක්‍රියාවලි අළුතින් නැවත සකස් කිරීමේදී නව සන්ධිස්ථානයන් සනිටුහන් කරන කලාපයේ මූල්‍ය ආයතන ඉස්මතු කිරීම සඳහා මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.

මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ජොනතන් අලස් මහතා පැවසුවේ “HNB ආරම්භ කරන ලද්දේ අවංකභාවය සහ සේවාව මත ගොඩනැගුණු සැබෑ හවුල්කාරිත්වයන්ගේ ප්‍රගතිය උදෙසා වන මූලධර්මය මතයි. වසර 134 ක් පුරා පරම්පරා ගණනාවක විශ්වාසය දිනාගනිමින් මහත් අභිමානයකින් සහ වගකීමකින් අපි මෙම සේවාව පත්වාගෙන යනු ලැබුවා. බැංකුව සිය හැකියාවන් නිරන්තරයෙන් පරිවර්තනය කිරීමටත්, රටේ යහපත් හා අයහපත් කාලවලදී ශ්‍රී ලාංකිකයින්ට හැකි සෑම අවස්ථාවකම සේවය ලබා දීම සඳහා කාලයත් සමඟින් ඉදිරියට යාමට මෙම වටිනාකම් ඉහවල් වුනා.” යනුවෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment