HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව නව නිවහනකට

88

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC හි අම්බලන්ගොඩ ශාඛාව පසුගිය ජුනි 8වන දින, අංක 97 ගාලු‍ පාර අම්බලන්ගොඩ (රොසෙත් හන්දිය) දරණ ලිපිනයෙහි නව කාර්යාල පරිශ්‍රයකට ගෙන ලදි.

නව පරිශ්‍රයට ගෙවදීම HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා ගේ ප්‍රධානත්වයෙන් සුබ මොහොතින් සිදුවූ අතර මෙම උත්සව අවස්ථාවට HNB FINANCE PLC හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන්, ශාඛා කළමනාකරුවන්, නිළධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්වූහ. නව පරිශ්‍රයට ගෙවදීමට සමගාමීව HNB FINANCE රන් ණය සේවාවද අම්බලන්ගොඩ ශාඛාවෙහි අලු‍තින් ආරම්භ කිරීමට කටයුතු කරන ලද අතර කල්බදු සේවා(Leasing), ඉතුරුම් හා ස්ථාවර තැන්පතු, ව්‍යාපාරික ණය, නිවාස ණය ඇතුළු මූල්‍යසේවා රැසක් එකම වහළක් යටින් ලබා ගැනීමට HNB FINANCE අම්බලන්ගොඩ ශාඛාව වෙතින් පහසුකම් සලසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment