HUTCH ශ්‍රී ලංකාව තුළ වසර 25ක සිය සේවා කාලය සමරයි

92
HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා ප්‍රමුඛ ඉහළ කළමනාකාරීත්වය සිය පළමු ගනුදෙනුකරුවන් 10 දෙනා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. ඡායාරූපය - නිශාන් එස්. ප්‍රියන්ත

ශ්‍රී ලංකාවේ උසස් තත්වයෙන් යුත් ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සහ සන්නිවේදන පහසුකම් සපයන ප්‍රමුඛතම සමාගමක් වන Hutchison Telecommunications Lanka (Pvt) Ltd. (HUTCH) සිය 25 වන සංවත්සරය පසුගියදා සමරනු ලැබීය.

HUTCH පවසා සිටියේ, ශ්‍රී ලංකාව තුළ ස්ථාවර දුරකථන සේවාවක් ගොඩනංවමින් දැරිය හැකි මිලට සන්නිවේදන පහසුකම් සැපයීම මඟින් ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව කැපවී සිටින බවයි.

HUTCH ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා එම සමාගමේ 25 වැනි සංවත්සරය සමරමින් ප්‍රකාශ කළේ, අපි ශ්‍රී ලාංකික ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සැපිරීම වෙනුවෙන් ආයෝජනය කරමින්, දිනෙන් දින වර්ධනය කරා ගමන් කරන සමාගමක්. වගකිවයුතු බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සේවා සපයන්නා ලෙස, HUTCH අනාගතයේ දී ඩිජිටල්කරණය වූ ශ්‍රී ලාංකේය ජාතියක් නිර්මාණය කිරීමේ අපේක්ෂාවෙන් රට පුරා දැරිය හැකි මිලකට, ගුණාත්මක බ්‍රෝඩ්බෑන්ඩ් දත්ත සබඳතාවක් සැපයීම සඳහා ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මම විශ්වාස කරනවා යනුවෙනි.

මෙම සුවිශේෂී ජයග්‍රහණයේ කොටසක් ලෙස, HUTCH විසින් සිය දිගුකාලීන වටිනා පාරිභෝගිකයින් හා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් වෙනුවෙන් පසුගියදා සුවිශේෂී උත්සවයක් සංවිධානය කළ අතර, එහිදී සිය සාර්ථක ගමනට ශක්තියක් වූ සියලු‍ම ව්‍යාපාරික හවුල්කරුවන් වෙත කෘතඥතාව පළ කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment