ICCROM  සම්මානලාභී  ආචාර්ය ගාමිණී විජේසූරියට  අගමැති ප‍්‍රධානත්වයෙන් උපහාර

143

රෝමයේ පිහිටි සංස්කෘතික දේපළ සංරක්‍ෂණය හා ප‍්‍රතිසංස්කරණය සඳහා වූ අන්තර්ජාතික මධ්‍යස්ථානය (ICCROM) පිරිනමන ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ ආචාර්ය

 ගාමිණී විජේසූරිය මහතාට උපහාර පිදීමේ උත්සවයක් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (23දා) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

 කීර්තිමත් වාස්තු විද්‍යාඥයෙක් හා පුරා විද්‍යාඥයෙක් වන ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා 20 වන සහ 21 වන සියවස්වල ලොව බිහි වූ උරුම කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර විශේෂඥයන් කිහිපදෙනා අතර සිටින විද්වතෙකි.

 ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා විසින් මෑතකදී රචිත අන්තර්ජාතික වශයෙන් ප‍්‍රකාශයට පත් වැදගත් ලේඛන ඇතුළත් ග‍්‍රන්ථ 05ක සිංහල භාෂා පරිවර්තන කෘතීන් ඒ මහතා විසින් මෙහිදී අග‍්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වනු ලැබීය.

 ලොව පුරා විවිධ අධ්‍යන ක්‍ෂේත‍්‍රයන් නියෝජනය කරමින් 1969 වසරේ සිට මේ දක්වා පිරිනමා ඇති ෂක්‍ක්‍ඍධඵ සම්මාන ගණන 50ක් පමණ වේ. ඉන් දකුණු ආසියාවටම ලැබී ඇත්තේ සම්මාන තුනකි. ඒ අනුව ශ‍්‍රී ලාංකිකයෙකු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේ පළමු වතාවටය.

 කුරුණෑගල අස්සැද්දුම ග‍්‍රාමයේ උපන් ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා නාගොල්ලාගොඩ මහා විද්‍යාලයෙන් සහ කොළඹ නාලන්දා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය හදාරා මොරටුව විශ්ව විද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ විද්‍යාවේදී සහ විද්‍යාපති උපාධිය ලබමින් වරලත් වාස්තු විද්‍යාඥයෙක් ලෙස සිය වෘත්තීය ජීවිතයට මුලපුරා ඇත. එක්සත් රාජධානියේ යෝක් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යාව/ උරුම කළමනාකරණය පිළිබඳ ශාස්ත‍්‍රපති උපාධියද, ඇමෙරිකා එක්සත් ජනපදයේ කානගී මෙලන් විශ්වවිද්‍යාලයෙන් ඉතිහාසය/ සංරක්‍ෂණය පිළිබඳ තවත් ශාස්ත‍්‍රපති උපාධියක්ද හිමිකර ගන්නා ආචාර්ය විජේසූරිය මහතා ‘පුරාණ ශී‍්‍ර ලංකාවේ භාවනාරාම’ පිළිබඳ පර්යේෂණ නිබන්ධනය ඉදිරිපත් කරමින් ආචාර්ය උපාධිය හිමිකරගෙන ඇත්තේ නෙදර්ලන්තයේ ලයිඩන් විශ්වවිද්‍යාලයෙනි.

 පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය පුරාවිද්‍යාඥ ගාමිණී රණසිංහ, ශ‍්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ ආයතනයේ වාස්තු විද්‍යාඥ රසල් දන්දෙනිය, ශ‍්‍රී ලංකා ෂක්‍ක්‍ඍධඵ ආයතනයේ නියෝජ්‍ය සභාපති ආචාර්ය බී. ඞී. නන්දදේව මහත්වරුන් වෙත ද මෙහිදී අග‍්‍රාමාත්‍ය තුමා අතින් තිළිණ ප‍්‍රදානය කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment