IDEAL Finance නව ශාඛාව කඩවතදී විවෘත කෙරේ

55

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන IDEAL Finance Limited (IFL) හි නවතම ශාඛාව පසුගියදා කඩවත ප‍්‍රදේශයේදී විවෘත කරන ලදි. මෙමගින් එම ප‍්‍රදේශයේ මෙන්ම පොදුවේ බස්නාහිර පළාත තුළ වෙසෙන ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් IDEAL Finance හි සේවාවන් ලබාගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා ගනුදෙනුකරුවන් පිරිසකගේ සහභාගීත්වය සහිතව, සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව පවත්වන ලද උත්සවයකදී මෙම නව ශාඛාව විවෘත කරන ලදි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්, IDEAL Finance හි ප‍්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා මෙසේ පැවසීය. ”අපගේ ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ කඩවත ප‍්‍රදේශයේ ශාඛාවක් විවෘත කිරීම, අපගේ ඉදිරි ගමනේ වැදගත් සන්ධිස්ථානයක්. 2022 වසරේ මාර්තු මාසය වනවිට අපගේ ආවරණ පරාසය දෙගුණයකින් වැඩිකර ගනිමින්, දිවයිනේ ප‍්‍රධාන නගර රැසක ශාඛා විවෘත කිරීමට අප බලාපොරොත්තු වෙනවා. කඩවත ප‍්‍රදේශයේ විවෘත කළ මෙම නව ශාඛාව මගින් එම ප‍්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් අපගේ සේවාවන් ලබාගැනීමට අවස්ථාව හිමි වේවි. කණ්ඩායමක් ලෙස එකට එකතු වී, අපගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් මෙන්ම අපගේ කාර්ය මණ්ඩලයේ දියුණුව වෙනුවෙන් නව අවස්ථාවන් උදාකර දීම අපගේ ඉලක්කයයි. මෙමගින් අපගේ කාර්ය මණ්ඩලයට ආයතනය තුළ තම අපේක්ෂාවන් යථාර්ථයක් බවට පත්කර ගැනීමටත් අවස්ථාව ලැබෙනවා. මෑතකදී අඛණ්ඩව 3 වන වරටත්, මෙරට රාජකාරි කිරීමට සුදුසුම ස්ථානයක් ලෙස ඨරු්එ ඡුක්ජැ එද උදරන ඇගයීම දිනාගැනීමට අපට හැකියාව ලැබුණා.

මේ ආකාරයට ශාඛා ජාලය පුළුල් කරන අතරම, අනාගත අභියෝග වලට මුහුණ දීමට හැකිවන ආකාරයට අපගේ කණ්ඩායම තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප පියවර ගන්නවා.”

advertistmentadvertistment
advertistmentadvertistment