
ලෝක බැංකු සමූහයේ සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) විසින් සම්පත් බැංකුව සහ තවත් දේශීය පෞද්ගලික බැංකු 2ක් වෙත ජරදි-ජමරරුබජහ ිඅ්ච පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත.
පවතින ආර්ථික අර්බුධය මධ්‍යයේ මෙරට ආර්ථිකය ස්ථාවර මට්ටමකට ගෙන ඒම වෙනුවෙන් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමේ පියවරක් ලෙස මෙම පහසුකම් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව තීරණය කොට තිබීම විශේෂ ඒ අනුව සම්පත් බැංකුව සහ තවත් පුද්ගලික බැංකු දෙකක් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 400ක පහසුකමක් වසරක කාලයක් තුළ ලබා දීමට කටයුතු කරන බව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව පවසා සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රේෂණ හා අපනයනයන්ගෙන් 30%කට වැඩි ප්‍රමාණයක් වෙත පහසුකම් සළසමින් පවතින ප්‍රමුඛතම ජාතික බැංකු ත්‍රිත්වය අතරට එක්ව ඇති සම්පත් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව සමඟ වන දශක දෙකක සබඳතාව තව දුරටත් ඉදිරියට ගෙන යමින් මෙරටට අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා වන ඩොලරය ඉහළ නැංවීමට මේ තුළින් බලාපොරොත්තු වේ.