IMF ඉදිරි සාකච්ඡා වටය අද ඇරඹෙයි

150

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා වන ඉදිරි සාකච්ඡා වටය අද (20 දා) ආරම්භ වේ.

මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ඊයේ (19 දා) ශ්‍රී ලංකාවට පැමිණි අතර අද සිට කාර්ය මණ්ඩල මට්ටමේ සාකච්ඡා පැවැත්වේ.

මේ අනුව අදාළ මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට අදාළව ප්‍රතිපත්තිමය කරුණු මෙන්ම තාක්‍ෂණික කාරණා ගැන ශ්‍රී ලංකා බලධාරීන් සමඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත මණ්ඩලය සාකච්ඡා කරනු ලබයි.

මේ සාකච්ඡා නිමවීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අදාළ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට අදාළව කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇතිකර ගත හැකි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment