IMF ඉල්ලුවත් මාස 6 ක් යනවා – ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන

174

අපේ විනිමය අර්බුදයට විසඳුම් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අයදුම් පතක් ඉදිරිපත් කළොත් එය අනුමත කර ගැනීම සඳහා මාස හයක පමණ කාලයක් ගතවනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන මහතා ‘දිවයින’ ඉරිදා සංග‍්‍රහයට පැවසීය.

එහෙත් දැන් තිබෙන විදේශ විනිමය අර්බුදය හමුවේ ඇති ප‍්‍රශ්නය කෙටි කාලීනව විසඳා ගැනීමට මූල්‍ය අරමුදලට යාමට ප‍්‍රමාද වැඩි බවද විජේවර්ධන මහතා පෙන්වා දෙයි.

අප දැන් මුල්‍ය අරමුදලට යොමු වුවහොත් අපේ ඉල්ලීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අනුමතව අපට යම් මූල්‍ය පහසුකමක් ලැබීමට 2022 වසරේ මැද විතර වන බවද ඔහු සඳහන් කළේය. එහෙත් අපට දැන් තිබෙන ප‍්‍රශ්නය අප ඉදිරි සති හතර ගත කරන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා ඉන්දියාවෙන් අපට ලැබීමට තියෙන මූල්‍ය පහසුකම් ඉතා ඉක්මණින් දිවා රෑ නොබලා වෙහෙස වී ලබා ගැනීමට අප කටයුතු කළ යුතු බවද එසේ නැතහොත් අපේ විදේශ ගෙවීම් කරන්නේ කොහොමද කියන ප‍්‍රශ්නය රට හමුවේ තිබෙන බවද මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා තවදුරටත් දිවයින ඉරිදා සංග‍්‍රහයට කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment