IMF‍ ණයට අවදානමක් ෆිච් රේටින්ග්ස් හෙළි කරයි

206

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟතාව ලැබුණ ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය පහසුකම් ලබා ගැනීමට සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කිරීමට දේශපාලන අස්ථාවරත්වය නිසා ශ්‍රී ලංකාවට අවදානමක් ඇතැයි ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය පවසයි.

තම තක්සේරුවට අනුව රජයට තිබෙන මහජන සහාය දුර්වල නිසා ප්‍රතිසංස්කරණ සඳහා වන මහජන විරෝධතා වැළැක්වීමට රජය සිදුකරන සමාජ පිරිවැය ප්‍රමාණවත් නොවනු ඇති බව ද එම ආයතනය පවසයි.

ශක්තිමත් මූල්‍ය ඒකාබද්ධ කිරීම් නිසා 2023 සහ 2024 යන වර්ෂවල ආර්ථික වර්ධනය ප්‍රකෘතිමත් වීම සීමා කරනු ඇති බව ද එම ආයතනය කියයි.

ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව පළවීම සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඇති කර ගැනීම සඳහා වන ප්‍රතිපත්ති සැකසීම්වල තියුණු වෙනසක් පෙන්නුම් කරන බව ද ෆිච් රේටින්ග්ස් ආයතනය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට එකඟ වූ පූර්ව ක්‍රියාමාර්ග ඉටුකරන තුරු නිල

ණයහිමියන් වෙතින් ණය සහතික කිරීම් ලැබෙනතුරු හා පෞද්ගලික ණයහිමියන් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකම අනුමත නොකරනු ඇති බව ද එහි සඳහන් වේ.

බදු ප්‍රතිසංස්කරණ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ වැඩසටහනේ වැදගත් අංගයක් බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment