IMF ණය දින දෙකකින්

112

ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ මූල්‍ය පහසුකමේ පළමු වාරිකය ඉදිරි දින දෙක තුළ මුදාහරින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

ඒ යටතේ ඩොලර් මිලියන 333ක් මෙරටට නිදහස් කිරීමට නියමිතය.

ඩොලර් බිලියන 3ක් වූ විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත්කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී පීටර් බ්රුවර් ඒ බව පැවසීය.

මාස 48ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක් සැපයීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කළේය.
මෙරට බදු ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීම සඳහා ,ධන බද්දක්, ද මෙම වැඩසටහනට ඇතුළත් බව ද
ඔහු තවදුරටත් පැවසුවේය.

advertistmentadvertistment
advertistmentadvertistment