IMF ණය පමාවේ

177

ලංකාවේ ආර්ථික අර්බුදයට යම් සහනයක් වෙතැයි බලාපොරොත්තු වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ මූල්‍ය සහනය වන ඩොලර් බිලියන 2.9 මෙම වසරේදී මෙරටට ලැබෙතැයි අනුමාන කළ නොහැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලාශ්‍ර උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව මේ වනවිට අදාළ සහනය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල එකඟතාවයකට එළඹි සිටී.එම එකඟතාවය පසුගිය ජූනි මාසයේදී එළඹිනි.නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය මගින් ඊට අවසාන එකඟතාවය පළකළ යුතුය.එම එකඟතාවය ලැබීමට පෙර ශ්‍රී ලංකාවේ බාහිර ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment