IMF‍ ණය පහසුකම රැක ගැනීමට දිගටම ප්‍රතිසංස්කරණ අවශ්‍යයි

110

ලංකා වාණිජ්‍ය මණ්ඩලයෙන් නිවේදනයක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිරිනමා ඇති විස්තීරණ අරමුදල් (IMF) පහසුකම සුරක්‍ෂිත කර ගැනීමට, ඊට අදාළ ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු බව ලංකා වාණිජ මණ්ඩලය නිකුත් කර ඇති නිවේදනයක් මගින් අවධාරණය කර තිබේ.

මෙම ණය පහසුකමේ පළමු වාරිකය ලැබීමත් සමග බහුපාර්ශ්වික නියෝජිතායතනද නවමු මූල්‍යකරණයන් තුළින් රටට සහය වනු ඇතැයි අපේක්‍ෂා කරන බවද එම මණ්ඩල සඳහන් කරයි.

තිරසාර ආර්ථික වර්ධනයක් කරා ගමන් කිරීමට කළ යුතු බදු පරිපාලනය, වෙළෙඳාම හා තරගකාරීත්වය, ශ්‍රම සහ ඉඩම් ප්‍රතිසංස්කරණයන් කෙරෙහි අවධානය යොමු කරන ලෙසද ඉල්ලා සිටින ලංකා වාණිජ මණ්ඩලය මේ ලැබුණ පහසුකම ගැන ධනාත්මකව සිතන ලෙසත්, සියලු පාර්ශ්ව වලින් ඉල්ලා තිබේ. රාජ්‍ය ආදායම කෙරෙහි අවධානය යොමු කිරීමේදී සමස්ත ඵලදායිතාව වැඩි දියුණු කිරීමට ගතහැකි සෑම විටකම රාජ්‍ය වියදම් කපා හැරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතු බවද, මෙම ණය පහසුකම ලබාදීමට කැපවූ ජනපති, මහබැංකු අධිපති, භාණ්ඩාගාර ලේකම් ඇතුළු සියලු පාර්ශව වෙත කෘතඥතාව පුද කරන බවද එමගින් පවසයි.
හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment