IMF ණය සහනය ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් – ඇමෙරිකානු තානාපති ජූලි චෑංග්

77

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාව සඳහා විස්තීරණ ණය මුදල් අනුමත කිරීම එක්සත් ජනපදය සතුටින් භාර ගන්නා බවත්, එය ආර්ථික ප්‍රකෘතිය සඳහා ගමන් ගන්නා ශ්‍රී ලංකාවට වැදගත් ඉදිරි පියවරක් වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චෑංග් මහත්මිය පවසයි.

ශ්‍රී ලංකාව සඳහා නිකුත් කළ මෙම ණය පැකේජ සහනය සුබ ආරංචියක් බව ඊයේ (21දා) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර සාර්ව ආර්ථික ස්ථායිකරණය සහ ණය තිරසර බව ප්‍රතිස්ඨාපනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවට අයි. එම්. එෆ්. වෙතින් ලැබෙන ණය සහනය පිළිබඳව සිය ප්‍රසාදය පළ කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය භාර උප සභාපති මාටින් ග්‍රේෂර් මහතා ද ඊයේ (21 දා) සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේය.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment