IMF තවත් තීරණාත්මක සාකච්ඡාවක්

168


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාවේ ණය හිමියන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් නොවැම්බර් 03 වැනිදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ශ්‍රී ලංකාව සඳහා පත්ව සිටින නව නේවාසික නියෝජිත සර්වත් ජහාන් තම සේවා කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නේවාසික නියෝජිත ටුබගස් ෆෙරිධනුසෙට්‍යාවන් යන මහත්ම මහත්මීන් අතර හමුවක් ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යයාලයේ පැවැති මොහොතේ මේ බව සඳහන් විය.

advertistmentadvertistment
advertistmentadvertistment