IMF තීරණය අද

123

මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකම සඳහා වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටු අනුමැතිය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.මෙරට වේලාවෙන් අද රාත්‍රීයේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව රැස්වීමට නියමිතය. එහිදි අදාළ අනුමැතිය ලබාදීම පිළිබඳ අවසන් තීරණයකට එළඹීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.එම කමිටු රැස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක කමිටුව විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් හරහා අදාළ තීරණය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි.ඒ අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම වසර 4ක් තුළ ලැබීමට නියමිතය. එහි පළමු වාරිකය ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 300ක මුදලක් මාර්තු මස අගදී ලැබෙනු ඇති බවට අපේක්ෂා කෙරේ.

advertistmentadvertistment
advertistmentadvertistment