IMF නියෝජිතයන් සමග  බැසිල් සාකච්ඡා පවත්වයි

157

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ (14 දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා සහ පැසිෆික් කලාප දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ චැන්ග් යොන්ග් රී මහතා ඇතුළු නියෝජිතයන් හමුවී සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තාවේ.

මෙම සාකච්ඡුාවට මුදල් ඇමැතිවරයා සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු නිලධාරීන් කිහිපදෙනකු සහභාගි වී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශී‍්‍ර ලංකාව පිළිබඳ ඇති සමාලෝචනය සහ ශී‍්‍ර ලංකා ආර්ථිකයේ වර්තමාන තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡුා කර ඇතැයි වාර්තාවේ.

ශී‍්‍ර ලංකාවේ වත්මන් විදේශ සංචිත තත්ත්වය සහ විදේශ ණය ගෙවීම් ඇතුළු ආර්ථිකය මුහුණ දෙන අභියෝග පිළිබඳ පුළුල් පරාසයක මෙම සාකච්ඡුා පැවැත්වී ඇතැයි ද ‘දිවයින’ට වාර්තාවේ.

ශී‍්‍ර ලංකාව අපේ‍්‍රල් මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මීට වඩා විධිමත් සාකච්ඡුා පැවැත්වීමට ද නියමිතය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment