IMF පක්‍ෂව 120 යි විරුද්ධව 25 යි

137

වැඩි ඡන්ද 95 යි

සජබ පිටව යයි

ෆවුසි – යාපා සුදර්ශනි – ප්‍රියංකර ජෝන් පක්‍ෂ වෙති

ජාජබ – විමල් ඩලස්ලා විරුද්ධයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග රජය එළැඹි එකඟතාව අනුමත කළ යුතු බවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ යෝජනාව වැඩි ඡන්ද 95කින් ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

යෝජනාවට පක්‍ෂව ඡන්ද 120ක් ලැබුණු අතර විපක්‍ෂයේ මන්ත්‍රීවරු 25 දෙනෙක් යෝජනාවට විරුද්ධව ඡන්ද ප්‍රකාශ කළහ.

ආණ්ඩු පක්‍ෂය යෝජනාවට පක්‍ෂ වූ අතර ජාතික ජනබලවේගය, විමල් වීරවංශ මහතාගේ හා ඩලස් අලහප්පෙරුම මහතාගේ කණ්ඩායම් යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.

මේ අතර සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි හා විපක්‍ෂය නියෝජනය කරන ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න, අනුර ප්‍රියදර්ශන යාපා, සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න, ජී. ජී. පොන්නම්බලම් යන මන්ත්‍රීවරුන් ද යෝජනාවට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කිරීම ද විශේෂත්වයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ යෝජනා විවාදය ඉකුත් 26 වැනිදා ආරම්භ වූ අතර පුරා දින 3ක් විවාද කිරීමෙන් අනතුරුව ඊයේ සවස 6.30ට ඡන්ද විමසීම සිදු කරන ලදී.

රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment