IMF පළමු වාරිකය ඩොලර් මිලියන 300 ක්

248

ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට අපේක්ෂිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අනුමැතිය අද :21දා) උදෑසන ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

මේ සඳහා අනුමැතිය හිමිවීමෙන් පසු පළමු වාරිකය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 300කට අධික මුදලක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයග සම්පූර්ණ ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් බිලියන 2.9 ක මුදල වසර හතරක් තුළ වාරික අටකින් ලැබීමට නියමිතයග මෙම මුදල ශ්‍රී ලංකාවට ලබාදීමට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ඊයේ :20දා) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාවේදී සිදුවිය.

විධායක මණ්ඩලයේ තීරණය පිළිබඳ දැනුම් දීම සඳහා මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එම මාධ්‍ය හමුව එක්සත් ජනපද වේලාවෙන් ඊයේ පස්වරුවේ දල ශ්‍රී ලංකා වේලාවෙන් ඊට පසුදා එනම් අද උදෑසනද පවැත්වෙනු ඇත.

මෙම මාධ්‍ය හමුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී මසහිරෝ නොසාකි යන මහත්වරුන් එක්වෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් කියයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත සහ කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment