IMF යන්න සජබට සහ ජවිපෙට ආරාධනා

438

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයන් සමග සාකච්ඡාවක් ජනතා විමුක්ති පෙරමුණට හා සමගි ජනබලවේගයට ලබාදීමට තමා සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඒ අනුව අවශ්‍ය නම් ජනතා විමුක්ති පෙරමුණ, සමගි බලවේගය ,ඉරාන්, හර්ශ ගේ යෝජනා
වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න පුළුවන් යැයි ද ජනාධිපතිවරයා පැවසීය. මේ සඳහා සහයෝගය
ලබා දෙන්නත් පුළුවන්. සමහර දේශපාලන පක්ෂ යෝජනා ඉදිරිපත් කරන්නේ නෑ.
ඔවුන් මේ සම්බන්ධයෙන් ජනතාවට බොරු කියලා දේශපාලන සෙල්ලමක් කරනවා . අපට
අනාගතය සම්බන්ධව සෙල්ලම් කරන්න බැහැ. රටේ තරුණ තරුණියන්ගෙ අනාගතයට අපි
වගකිව යුතුයි. ඒ නිසා ආර්ථිකය ගොඩනැගීමට ගන්නා සෑම ක්‍රියාමාර්ගයක්ම මම
ගන්නවා. ඕනෑම අයකුට විකල්ප යෝජනා තිබෙනවා නම් මම කැමතියි වොෂින්ටන් නුවර
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කරන්න අවස්ථා ලබා දෙන්න යැයිද ජනාධිපතිවරයා සඳහන් කළේය.ව්‍යාපාරිකයින් සමග පැවති හමුවකදී ජනාධිපතිවරයා මේ බව සඳාහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment